• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දැව භාණ්ඩ නිපදවීම කඩිනමින් කල යුතුයි – ඇමැති විමල් පවසයි

27 September 2020
in ව්‍යාපාර

දැව භාණ්ඩ ආනයනය සීමා වී ඇති මේ මොහොතේ එම වාසිදායක තත්වය නියමානුකූලව යොදා ගනිමින් ගුණාත්මක තත්වයෙන් ඉහළ දැව භාණ්ඩ නිපදවීමට දැව ආශ්‍රිත කර්මාන්තකරුවන් කඩිනමින් කටයුතු කළ යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එසේම ඒ සඳහා අවශ්‍ය රාජ්‍යමය අනුග්‍රාහකත්වය ලබා දීමට තමන් කැපවෙන බවත් එසේ නොවුණහොත් ‘පිටරට පුටුවත් නැහැ – ලංකාවේ පුටුවත් නැහැ’ කියන තත්ත්වය ඇති විය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කටුබැද්ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේ රාජ්‍ය ආයතන ගණනාවක දායකත්වය ද සමගින් දැව ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා කැඳවා තිබූ විශේෂ වැඩසටහනක දීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය “ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මේ රටේ සුවිශේෂී අවධානයට ලක් නොවුණු විවිධ කර්මාන්ත නිසි අවධානයට ගැනීම සඳහා කර්මාන්ත කැබිනට් අමාත්‍යාංශයක් හදනවා වගේම ඒ යටතේ රාජ්‍ය අමාත්‍යාංශ තුනකුත් නිර්මාණය කරලා තියෙනවා. එකක් මූලික වශයෙන් මේ රටේ රෙදිපිළි නිෂ්පාදකයන්ව ඉහළට ඔසවාලීමටයි. අනික ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ උන්නතිය අත්කර දීමටයි. ඒ වගේම රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා යටතේ වඩු හා මැටි කර්මාන්තය ඇතුළු සුවිශේෂී කර්මාන්තවලට වැඩි අවධානය යොමු කර තිබෙනවා. එමගින් පෙනෙනවා කාලයක් තිස්සේ නිසි අවධානයට හා සැලකිල්ලකට ලක් නොවුණු දේශීය පාරම්පරික කර්මාන්ත වැඩිදියුණු කරන්න අපේ රජය ඉතා ඉහළ අවධානයක් යොමු කරලා තිබෙනවා කියලා. ඒ වගේම කොවිඞ් 19 වසංගතය සමඟ ඇතිවුණ සුවිශේෂී වාතාවරණය යටතේ ගරු ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් ගනු ලැබූ තීරණ අනුව අපේ දේශීය කර්මාන්තවලට ඉතාමත්ම ඉහළ මට්ටමින් ඉදිරියට යාම සඳහා අවශ්‍ය වාතාවරණය පිළියෙළ කරලා තිබෙනවා.

වෙනත් රටවල්වලින් මේ රටේ වෙළඳපොළ ආක්‍රමණය කරපු බොහෝ නිෂ්පාදන අපට නිපදවන්න පුළුවන් නිෂ්පාදනයි. ඒවා අඩපණ වුණ හේතුවක් තමයි චීනයෙන් හෝ වෙනත් රටකින් හෝ අඩු මිලට එන නිෂ්පාදන එක්ක අපට මේ වෙළඳපොළ තුළ තරග කරන්න බැරි වීම. ඒ ගැටලුවටත් අද එක්තරා ආකාරයකට පිළිතුරු ලැබී තිබෙනවා. නමුත් මේ තත්ත්වය දිගටම පවතින්නේ ලැබී තිබෙන වාසිදායක අවස්ථාව නියමානුකූලව යොදාගත්තම පමණයි. නැත්නම් මේ රටේ පාරිභෝගික ජනතාවට ‘පිටරට පුටුවත් නැහැ, ලංකාවේ පුටුවත් නැහැ’ කියන වාතාවරණය ඇති වුණොත් වෙන්නේ පාරිභෝගිකයන්ගේ පැත්තෙන් හිතලා මේ ඇතිකරගෙන තිබෙන රෙගුලාසි වෙනස් කරන තැනට ආණ්ඩුව පත්වීමයි.

ඒ නිසා තමයි ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ නිෂ්පාදන ලබා දීම සඳහා අපි රාජ්‍ය ආයතන ගණනාවකුත් සම්බන්ධකරගෙන මේ කතිකාව පටන්ගත්තෙ. රාජ්‍ය අමාත්‍යතුමාත් මමත් එකට එකතු වෙලා මේ සාකච්ඡාව ප්‍රායෝගික ප්‍රතිඵල ලැබෙන අවස්ථාව දක්වා ඉදිරියට ගෙන යනවා. මෙතුමා ඔබතුමන්ලාගේ කර්මාන්ත පවතින ස්ථානවලට පෞද්ගලිකව සහභාගී වෙලා ඒ කරුණු අධ්‍යයනය කරාවි. ඒ මගින් මොරටුවේ පමණක් නොවෙයි ශ්‍රී ලංකාවේ වඩු කර්මාන්තයත් අනෙකුත් සියලු කර්මාන්තවලටත් නැගී සිටීමට අවශ්‍ය කරන ශක්තිය හා එයට උවමනා රාජ්‍යමය අනුග්‍රාහකත්වය ලබා දීම සඳහා කැපවෙන බව අවධාරණය කරනවා.
එහිදී ඔබ සියලුදෙනාම ලබා දෙන සහයෝගයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතනවල බොහෝ මහත්ම මහත්මීන් අතිරේක කාලයක් යොදා ගනිමින් මේ කටයුතුවලට දායක වුණා. ඒ සියලුදෙනාටම කෘතවේදීත්වය පිරිනමනවා. කාර්මික සංවර්ධන මණ්ඩලය එහි පුරෝගාමීත්වය ගත යුතුයි. අද අපි ගත් තීරණ සියල්ල පසු විපරම් කරලා ඔවුන් ඒවා සාර්ථක කරන්න මැදිහත් විය යුතුයි. ඔවුන්ට තනිව ජයගන්න බැරි කාරණා තියෙනවා නම් එවැනි ගැටලු අපට ඉදිරිපත් කරලා ඒ ගැටලු නිරාකරණය කරගත යුතුයි.

ඉදිරියේදී මේ පරිශ්‍රයේදීම කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ව කටයුතු කරන මණ්ඩපයක් අපි හැදුවාම මෙම ගැටලු ඉතාම කඩිනමින් විසඳගන්න පුළුවන්කම ලැබේවි. ඒ සඳහා ඔබ සියලුදෙනාටම ශක්තිය හා ධෛර්ය ලැබේවා කියා පතනවා.”

මෙම අවස්ථාවට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික යන මහත්වරු ද රාජ්‍ය දැව සංස්ථාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීහු ද එක්ව සිටියහ.

 

Post Views: 15
Previous Post

වතු ජනතාවට සාධාරණයක් ඉටු කරන්න රජය බැඳී සිටින බව ඇමැති නිමල් කියයි

Next Post

සර් කියු දේ චක්‍ර ලේඛයක් බවට රට ගමන් කරන බව ජවිපෙන් චෝදනා

editor

editor

Next Post

සර් කියු දේ චක්‍ර ලේඛයක් බවට රට ගමන් කරන බව ජවිපෙන් චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved