• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සර්ව පාක්ෂික ආණ්ඩුකරණය සම්බන්ධ යෝජනා සඳුදා වන විට සහභාගී වූ සියලු පක්ෂවලට දැනුම් දෙනවා – ජනපති

6 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදු කළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා ලබන සඳුදා (08) වන විට සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11 නායකයින් සහ 43වන සේනාංකය සමග ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවලදීය.

ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය සහ තවත් දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සමග පමණක් ඉදිරියේ දී සාකච්ඡා කිරීමට ඉතිරිව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජනතා අපේක්ෂා වෙනුවෙන් දේශපාලන මතවාද පසෙකලා සර්ව පාක්ෂික ආණ්ඩුකරණයට සැමගේ උද්යෝගය පැසසීමට ද ලක් කළේය.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය සමග 43වන සේනාංකය සුබවාදීව කටයුතු කරන බවත් රාජ්‍ය ආයතන සඳහා ප්‍රධානීන් පත් කිරීමේ දී දේශපාලන පක්ෂ ක්‍රමය අමතක කොට වෘත්තිකයන් පත්කිරීමේ අවශ්‍යතාව දැඩිව පවතින බවත් 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා කියා සිටියේය.

දේශපාලන ප්‍රතිසංස්කරණවලින් පමණක් රටක් ගොඩනැගිය නොහැකි බව කියා සිටි චම්පික රණවක මහතා වෘත්තීය නිපුණතාවය සහිත පුද්ගලයන්ගේ දායකත්වය ඊට ප්‍රධාන සාධකයක් කරගත යුතු බව ද පැවසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අනාගත ලෝකය දෙස බලා විෂය නිර්දේශ සැකසිය යුතු බව ද ඒ මහතා පැවසීය.

රට ගොඩනගන පොදු වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් පියවරෙන් පියවර ඉදිරියට යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

සියලු දේශපාලන පක්ෂවල අනන්‍යතාවය සර්ව පාක්ෂික ආණ්ඩුකරණ සාකච්ඡාවේදී ආරක්ෂා විය යුතු බව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, පදනම් ලේඛනයක් සහිතව සාකච්ඡා ඉදිරියට යාමෙන් සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ අපේක්ෂා සාර්ථක කරගැනීමට ඉවහල් කරගත හැකි බව කීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ද සිය කණ්ඩායම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා පොදු වැඩපිළිවෙළක් සාකච්ඡා කළ බවත් දේශපාලන පක්ෂ ප්‍රතිපත්තිවලට එකඟ විය නොහැකි වුවත් පොදු සම්මුතියකට එකඟ වැඩපිළිවෙළක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, අසංග නවරත්න, ප්‍රේමනාත් සී. දොළවත්ත, කරූ පරණවිතාන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

රනිල් ඔයා මාමාටත් වඩා වරද්ද ගන්නවා – රවි කුමුදේශ්

Next Post

සර්වපාක්ෂික ආණ්ඩුවට එක්වන්න තවම සුදානමක් නෑ – විමල් වීරවංශ

editor

editor

Next Post

සර්වපාක්ෂික ආණ්ඩුවට එක්වන්න තවම සුදානමක් නෑ - විමල් වීරවංශ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

රාජ්‍ය බැංකු විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ – ලෝටස් පාරත් වැසෙයි

12 September 2025
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

හිටපු ජනපති මහින්ද සටහනක් තබයි

12 September 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත්  අවදානම් තත්වයක

ශෂීන්ද්‍ර රාජපක්ෂට බරපතළයි – ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් තත්වයක

12 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved