• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තඹුත්තේගම නගරයේ ඉඩම් දේශපාලන හිතවතුන්ට එරෙහිව මහවැලිය ඉදිරිපිට විරෝධය

10 July 2023
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කළාපයේ තඹුත්තේගම නගරයේ පිහිටි වටිනා රජයේ වාණිජ ඉඩම් මහවැලි අධිකාරිය හරහා දේශපාලන හිතවතුන් අතරේ රහසිගතව බෙදා දීමට විරෝධය පළ කරමින් බෙදා දුන් ඉඩම් අහෝසි කරන ලෙස බල කරමින් තඹුත්තේගම නරගයේදී අද (10) විරෝධතාවක් පැවැත්විණි.

තඹුත්තේගම නගරයේ පිහිටි මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර කාර්යාලය ඉදිරිපිටිදී මෙම විරෝධතාව පැවැත්විණි.විරෝධතාකරුවන් සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් අද (10) මෙලෙස විරෝධතාවයෙහි නිරත වූහ.

මෙම සිදුවීමට විරෝධය පළ කරමින් පසුගිය 07 වැනි දිනද විරෝධතාවයක් පැවැත්වුණි.එදිනද සාධාරණ විසඳුමක් නොලැබුණ බව පවසමින් මෙලෙස නැවත විරෝධතාවක් පැවැත්විණි.

එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ, ” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහවැලි අධිකාරිය හරහා ඉඩම් බෙදා දීම පසුගිය නොවැම්බර් මස 11 වැනි දින තහනම් කර ඇති පසුබිමක වාරීමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් මත, පොලොන්නරුව ප්‍රදේශයේ රොෂාන් රණසිංහ අමාත්‍යයවරයාගේ ආධාරකරුවන් පිරිසකට , ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තූන් ලබා ගෙන ඉඩම් 300 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස බෙදා දීම සිදු කර ඇතැයි විරෝධතාකරුවන් පවසති.

එහිදී අදාළ මන්ත්‍රීවරුන් විසින් සකස් කළ ලැයිස්තූන් හී එම මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිළධාරීන්, ආරක්ෂ නිළධාරීන් මෙන්ම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා අපේක්ෂකයින් හා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු දේශපාලකයින්ගේ ආධාරකරුවන් හා මහවැලි අධිකාරියේ උසස් නිළධාරීන් හා ඔවුන්ගේ හිතවතුන් පිරිසක් පමණක් සිටින බවත් ඉඩම් හිමිවිය යුතු ජනතාවට ඉඩම් ලබා දීමට මහවැලිය කටයුතු කර නැති බවත් විරෝධතාකරුවන් චෝදනා කර සිටියහ. මෙලෙස ඉඩම් ලබා ඇති බහුතරයක් අයදුම්කරුවන්ට මෙන්ම ඔවුන්ගේ කාලාත්‍රයාට හා දෙමාපියන්ට නේවාසික ඉඩම් හිමි හිමි පුද්ගලයින් වන බවත්, ග්‍රාම නිළධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළමණාකරුවන් හා ඒකක කළමණාකරුවන් හරහා කූඨ ලේඛණ සකස් කර අසත්‍යය තොරතුරු ලබා දී මෙම ඉඩම් ලබා ගැනීම සඳහා සැලසුම් සකස් කර ඇති බවත් වාර්ථා විය.එමෙන්ම මෙම පිරිස් අතරින් ඇතැම් පිරිස් දිස්ත්‍රික්කය තුළ හෝ පළාත තුළ පදිංචි නැති වෙනත් ප්‍රදේශවල ස්ථීර පදිංචි පුද්ගලයින් බවත් ප්‍රදේශයේ වටිනා ඉඩම්, ඉඩම් හිමි පිටස්තර පුද්ගලයින්ට ලබා දීම හරහා ඉඩම් නොමැති ප්‍රදේශයේ පුද්ගලයින්ට ඉඩම් අහිමි වන බවටත් එහිදී විරෝධතාකරුවන් චෝදනා කර සිටිති. දූෂිත දේශපාලුවන් හා දූෂිත රජයේ නිළධාරීන් තඹුත්තේගම නගරයේ ඇති වටිනා ඉඩම් බෙදා හදා ගනිමින් මංකොල්ල කනවා.මේක වහාම නවත්තන්න ඔ්න, මේක නවතන තුරු ඔ්නෑම සටනක් කරන්න අපි සූදානම්.අපි මේ ගැන සාකච්ජා කළාම මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා පසුගිය සෙනසුරාදා මේ බෙදා දුන් ඉඩම් සංවර්ධනය කිරීම තාවකාලිකව නවත්වලා තියෙනවා.අපි කියන්නේ තාවකාලිකව නෙමෙයි ස්ථීරවම මේ ඉඩම් බෙදා දීම තහනම් කරන්න කියලා අපි කියන්නේ.තඹුත්තේගම නගරයේ මහා වටිනාකමක් තියෙන ඉඩම් මේ බෙදා දීලා තියෙන්නේ, මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා තමයි මේකේ මහා මොලකාරයා,මූලිකයා. එයා දැන් එක එක සෝබන කථා කියනවා.එයා තමයි මේකට පිඹුරුපත් හැදුවේ.මේ ඉඩම් ලැයිස්තුවේ පළමුවැනියා අබේසිංහ මුදියන්සේලාගේ සුමනාවතී තලාකොළහේන නිකවැරටිය, මේ නිකවැරටියේ කෙනාට මොකක්ද තඹුත්තේගම තියෙන ඉඩම් අයිතිය.මේ වෙන කවුරුත් නෙමෙයි නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයාගේ නැන්දම්මා. ඒ වගේම තඹුත්තේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාටත් මේකෙන් ඉඩමක් දීලා තියෙනවා.මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, ජනාධිපතිතුමනි ගේම් ගහලා මේ කරපු ඉඩම් මංකොල්ලය නවත්වන්න.මේක නැවැත්තුවේ නැත්නම් ‌අපි මහවැලි එච් කළාපයම පාරට බස්සනවා.ඉඩම් හිමිවිය යුතු මිනිස්සුන්ට මේ ඉඩම් ලබා දෙන්න කටයුතු කරන්න යැයි පැවසීය.
විරෝධතාවයට පැමිණි දෙනෙත් නොපෙනන යුවලක් කියා සිටියේ,

මගේ ඇස් පේන්නේ නෑ, අපි මහවැලියෙන් ඉඩම් ඉල්ලීම් කළා, අපිට ඉඩම් දුන්නේ නෑ, අපිට ඉන්න තැනක් නෑ, අපි එක එක්කෙනාගෙන් හිඟාකාලා ජීවත් වෙන්නේ.යැයි පැවසීය. අනතුරුව විරෝධතාකරුවන් පිරිසෙන් කීපදෙනෙකුට මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර ඩබ්ලිව් සුගත් වීරසිංහ මහතා සමඟ සාකච්ජාවක් ලබා දුන් අතර, එහිදී උණුසුම් තත්වයක් ඇති විය. එහිදී විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ අදාළ ඉඩම් තුළ සංවර්ධන කටයුතු හෝ ඇතුළු වීම තාවකාලිකව නවතනවා වෙනුවට මෙම ඉඩම් බෙදා දීම අහෝසි කරන ලෙසයි.එහිදී නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා කියා සිටියේ ඉහළ දේශපාලන අධිකාරිය හරහා හෝ අධිකරණ ක්‍රියාමාර්ග හරහා මෙම ඉඩම් බෙදා දීම නැවැත්වීමට කටයුතු කරන ලෙසත්, තමන්ට හැකි ලෙස තාවකාලිකව මෙම ඉඩම් වලට ඇතුළුවීම නවතා ඇති බව පැවසීය.

එහිදී විරෝධතාකරුවන් කියා සිටියේ, ඔබතුමාට ඉඩම් බෙදන්න ,තෝරන්න පුලුවන්, දැන් මේක නවත්වන්න බෑ නේද? මේ ඉඩම් බෙදා දීපු එකේ වගකීම ඔබතුමා ගන්නවාදු.සුදුස්සෝ තේරුවේ කියලා භාර ග්නනවාද යනුවෙන් විමසීය.

එහිදී නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා කියා සි‌ටියේ, ඔබතුමන්ලා අල්ලස් දූෂණ හරි යන්න, මම සූදානම් ඒවාට මුහුණ දෙන්න.මගේ බලතල අනුව මගේ රාජකාරිය කලා.ඔබතුමන්ලා මගේ කාර්යාලය වට කරලා, මගේ ඉස්සරහා උද්ඝෝෂණය කලාට මට බෑ, ගරු ඇමතිතුමා හෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට තමයි මේක නවත්වන්න බලය තියෙන්නේ.එතුමලා එක්ක සාකච්ජා කරලා මේකට විසදුමක් ගන්න.මම මේ ඉඩම් සම්බන්ධයෙන් විරෝධයක් පවතින බවට මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම්වත් කර ඔහු සමඟ සාකච්ජාවක් විරෝධතාකරුව්න ඉල්ලා සිටි බවට ලිඛිතව දැනුම් දුන්නා.තවම එතුමා දිනයක් ලබා දුන්නේ නෑ. යැයි පැවසීය.

මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමඟ සාකච්ජාවක් නුදුරේදීම ලබා දීමට අවශ්‍යය කටයුතු සිදු කරන බවට නේවාසික ව්‍යාපාර කළමණාකාරවරයා පොරොන්දු වීම අනුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පිටව ගියහ.

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 8
Previous Post

හෙද සේවාව වෙනුවෙන් හෙද හෙදියන් 3315 ක් පුහුණුවට

Next Post

කෘත්‍රීම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ද ජාතන්තර සමුළුවට ඇමැති ටිරාන් සහභාගී වෙයි

editor

editor

Next Post

කෘත්‍රීම මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ද ජාතන්තර සමුළුවට ඇමැති ටිරාන් සහභාගී වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනතුරු අඟවමින්  AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

අනතුරු අඟවමින් AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

28 May 2025
අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

28 May 2025
තැපැල් සේවකයන් දැඩි තීරණයක

තැපැල් සේවකයන් දැඩි තීරණයක

28 May 2025
කාලගුණයෙන් සැර නිවේදනයක්

කාලගුණයෙන් සැර නිවේදනයක්

28 May 2025

Recent News

අනතුරු අඟවමින්  AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

අනතුරු අඟවමින් AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

28 May 2025
අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

28 May 2025
තැපැල් සේවකයන් දැඩි තීරණයක

තැපැල් සේවකයන් දැඩි තීරණයක

28 May 2025
කාලගුණයෙන් සැර නිවේදනයක්

කාලගුණයෙන් සැර නිවේදනයක්

28 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනතුරු අඟවමින්  AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

අනතුරු අඟවමින් AI මිනිස් උපදෙස් වලට එරෙහි වෙයි

28 May 2025
අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

අනුදිගෙන් සුබ ආරංචියක් – ශ්‍රී ලංකාවට සුභ පැතුම්!

28 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved