• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයහපත් කාළගුණයෙන් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන ලබා දෙන්න -ජනපතිගෙන් මුදල් ලේකම්ට උපදෙස්

3 June 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ හානියට පත් සියලු නිවාස රජයේ මුදලින්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වයෙන් ඉදිරි මාස 02 තුළ ඉදි කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන් වෙත උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධ පූර්ණ සැලැස්මක් හෙට දිනයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, බලපෑමට ලක්ව ඇති සියලු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල අත්‍යාවශ්‍ය නිලධාරීන් සහ ග්‍රාම සේවා නිලධාරීන් ප්‍රමුඛ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන් විපතට පත්වූවන්ට සියලු සහන සැලසීම සඳහා කටයුතු කරමින් සිටී.

එම සියලු නිලධාරීන්ගේ කැපවීම අගය කළ ජනාධිපතිවරයා එම සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත්, වහාම ආපදා තත්ත්වයන්ගෙන් මහජනතාව මුදාගෙන සාමාන්‍ය ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලබාදිය හැකි සියලු සහාය නොපමාව ලබා දෙන බවත් සඳහන් කළේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් අදීප තිලකරත්න මහතා පවසන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ට අනුබද්ධිතව පිහිටා ඇති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පූර්ණ වශයෙන් බලාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා අද (02) දහවල් පැවති සාකච්ඡාවකදී තමන් වෙත උපදෙස් ලැබුණු බවයි.

එහිදී ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය උපකරණ සහ ගංවතුර තත්ත්වයන් සඳහා භාවිත කළ හැකි ඕනෑම වර්ගයේ ක්‍රියාන්විත රථයක, බෝට්ටුවක හෝ හෙලිකොප්ටර්වල දායකත්වය ලබා දීමට එකඟත්වය පළ කළ බවද ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව මේ වන විට නාවික හමුදාව, ගුවන් හමුදාව සහ යුද හමුදාව එම කටයුතු වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපවී සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම රැස්වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරු සහභාගී වූ අතර අධි බලපෑම් සහිත දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ විය.

අනවශ්‍ය ආකාරයෙන් මාර්ගයට පැමිණිමෙන් වැළකී සිටින ලෙසත්, ගංවතුර හෝ ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වී ඇති ස්ථාන නැරඹීමෙන් වැළකී සිටීමට සහ ගංවතුර හෝ මාර්ගවල වතුර පිරි ඇති ස්ථානවල ජල ක්‍රීඩාවල නොයෙදෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

හදිසි ආපදා තත්ත්වයන් දැනුම් දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මකය. එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බව වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි.
රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩි අවධානම් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක් හඳුනාගෙන ඇති අතර එම සියලු කාර්යාලවල ආපදා සහන සේවා නිලධාරීන් අද රාත්‍රියේද පූර්ණකාලීව සේවයේ නිරත බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා පවසයි.

වැඩි අවධානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වශයෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කලවාන, අයගම, කිරිඇල්ල, නිවිතිගල සහ ඇහැළියගොඩ හඳුනාගෙන තිබේ. දැනට පවුල් 2574ක පුද්ගලයින් 9398 දෙනෙක් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇත. එයින් ආරක්ෂක ස්ථාන 18ක පවුල් 528ක පුද්ගලයින් 2219 දෙනෙක් රඳවා සිටියි.

මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයෙන් පුද්ගල මරණ 05ක් වාර්තා වී ඇත. දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා සඳහන් කරන්නේ ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් සහ සෙසු ප්‍රාදේශීය නිලධාරීන් සියලුදෙනා සහෝදරත්වයෙන් රාජකාරී කිරීම මත ආපදාවන්ට පත්වූවන්ට සහන සැලසීම කාර්යක්ෂම වී ඇති බවයි.

අවතැන් කඳවුරුවල සහ ඉන් පරිභාහිරව රැදී සිටින විපතට පත්වූවන් සියලුදෙනාගේ ආහාර අවශ්‍යතා සහ සෞඛ්‍ය අවශ්‍යතා මැනවින් ඉටු කරන බවද රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කර සිටියි.

මේ අතර ගාල්ල වැඩබලන දිස්ත්‍රික් ලේකම් සී.ටී. රාජකරුණා මහත්මිය පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22 අතුරින් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය දිවිතුර, බද්දේගම හා ඇල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 වෙත වැඩි අවධානමක් පවතින බවයි.

මේ වන විට නෙළුව ආශ්‍රිතව බලපෑම අඩු වීගෙන යන බවද එතුමිය පෙන්වා දෙයි. කෙසේ වෙතත් ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1348ක පුද්ගලයින් 3455ක් පීඩාවට පත්ව ඇත. මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව සිටියි. එක් ප්‍රධාන ආරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් 250ක පුද්ගලයන් 608 දෙනෙක් සඳහා මේ වන විට සියලු පහසුකම් සලසා ඇතැයි වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරිය පෙන්වා දෙයි.

මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අමරසිංහ මහතා පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 අතුරින් අතුරලිය, අකුරැස්ස සහ පිටබැද්දර දැඩි අවධානම් තත්ත්වයට පත්ව ඇති බවයි.

මුලටියන, පස්ගොඩ, කොටපොල, තිහගොඩ, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද බලපෑමට ලක්ව ඇති අතර සෙසු කොට්ඨාස සුළු වශයෙන් බලපෑමට ලක්ව තිබේ. පුද්ගල මරණ 03ක් සමඟ දෙදෙනෙකු අතුරුදන්වී ඇත. මේ වන විට පවුල් 2731ක පුද්ගලයින් 10,937ක් ආපදා හේතුවෙන් බලපෑමට ලක්ව ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

නිවාස හානි 150ක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. මේ වන විට ආරක්ෂිත මධ්‍යස්ථාන 05ක පවුල් 21ක පුද්ගලයන් 123 දෙනෙක් රැදෙමින් පහසුකම් ලබයි. ආපදාවට පත්වූවන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට මේ වන විට කටයුතු කර ඇති බවත්, ඉදිරියේ දී අවශ්‍ය ඕනෑම සේවයක් ලබාදීම වෙනුවෙන් තමන් වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සහ ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇතැයි ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 943ක් ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින අතර අවතැන්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3539කි. ආරක්ෂිත ස්ථාන 30ක් මේ වන විටත් ස්ථාපිත කර ඇති අතර පවුල් 606ක පුද්ගලයින් 2274 දෙනෙක් පහසුකම් සහිතව රැදී සිටින බව කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක පමණක් ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් පවුල් 1716ක පුද්ගලයන් 6839 දෙනෙක් අවතැන් වී ඇත. ආරක්ෂිත ස්ථාන 07ක් ස්ථාපිත කිරීමට ප්‍රාදේශීය ලේකම්වරු විසින් කටයුතු කර ඇති අතර ඒවායේ පවුල් 58ක පුද්ගලයන් 215 දෙනෙකු රැදී සිටින බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා පවසයි.

Post Views: 1,248
Previous Post

තනි අලියෙක් ජනාධිපතිවෙලා ඉන්නේ.. පාක්ෂිකයින් දැන් ඒකරාශි වෙනවා – රවි කරුණානායක

Next Post

‘දුවට කියන කතාවක්’ ධනවාදයේ කෙටි ඉතිහාසය කෘතිය ජනගත කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
‘දුවට කියන කතාවක්’ ධනවාදයේ කෙටි ඉතිහාසය කෘතිය ජනගත කෙරේ

'දුවට කියන කතාවක්' ධනවාදයේ කෙටි ඉතිහාසය කෘතිය ජනගත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved