27 April 2024
#දේශීය

මධ්‍යම පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසික දරුවන්ට පරිඝනක යන්ත්‍ර ලබා දෙයි

මධ්‍යම පළාතේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසික දරුවන් සදහා මාර්ගගත ඉගෙනුම් අවස්ථා පුළුල් කිරිම යටතේ සෑම මධ්‍යස්ථානයක් සදහා ම පරිඝනක යන්ත්‍ර ලබා දීම ඉකුත් දා සිදු විය.

කාන්තා සහ ළමා සංවර්ධන ,පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ මැදිහත්වීමෙන් පළාත සදහා පරිඝනක යන්ත්‍ර 70 ක් ලබා දිම සිදු විය.

එම පරිඝනක බෙදා දීම සහ දිගන අපේක්ෂා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පරිඝනක ඉගෙනුම් මධ්‍යස්ථානය ,මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙණි .

අමතරව පළාත් ප්‍රතිපාදන වලින් සපයන ලැබූ සංගීත සහ ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම සහ මධ්‍යස්ථාන ගත දරුවන් අතරින් පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම සාමාර්ථ ලබා ගැනීමට සමත් වූ දරුවන්ට ටැබ් යන්ත්‍ර බෙදා දීමත් ඔහුන් ඇගයීමත් සිදු කෙරිණ.

පළාත් කොමසාරිස් චින්තිකා ගුණරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් පළාත් සමාජ සුබ සාධන ,පරිවාස සහ ලමාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩසටහන සංවිධානය විය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් හිමාලි ජයසේකර. පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් බි.එච්.එන් ජයවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුලු ආරාධිත පිරිසක් සහභාගී විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *