• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා වසංගතයෙන් මිදෙන තෙක් මැතිවරණය පවත්වන්න එපා – PSMAU කියයි

19 April 2020
in දේශීය

රට පූර්ණ ලෙස කොරෝනා වසංගත තත්වයෙන් මිදෙන තුරු මැතිවරණ නොපැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කල යුතු බව රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේ මෙම අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමට තීරණය කල හොත් ජීවිත අවදානම දරාගනිමින් මැතිවරණ රාජකාරීවල නොයෙදීමේ තීරණයක් ගැනීමට වෘත්තීය සමිති ලෙස කටයුතු කිරීමට සිදුවන බවයි.
එම ලිපියෙහි වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා තිබේ.

 

සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.

සභාපතිතුමනි,

අවදානම් සහගත තත්වයන් යටතේ මැතිවරණ රාජකාරීවල යෙදීම

අප සංගමය රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ කළමණාකරන සේවාව (කලින් කළමණාකරන සහකාර සේවාව) නියෝජනය කරන වෘත්තීය සමිතියකි. අප රටද ඇතුලූව ලොවම බිළිගත් කොරෝනා වසංගත තත්වය පවතිද්දී මහ මැතිවරණය පැවැත්වීම නිසා සිදුවිය හැකිව තිබූ මහ විනාශයකින් රටත්, ජනතාවත් මුදා ගැනීමට හැකිවූයේ ඔබත්, ඔබ කොමිසමත් ගත් නිවැරදි හා දුරදක්නා තීරණය නිසාය. ඒ පිළිබඳව අපගේ ගෞරවය හා ස්තූතිය පළමුව පුදකරන්නෙමු.

ලොව තුල මෙම වසංගත තත්වය තවමත් වර්ධනය වෙමින් පවතින බව ලැබෙන තොරතුරුවලින් ප‍්‍රකාශවන අතරම අප රට තුලද තවමත් සම්පූර්ණයෙන්ම අවදානම පහවී නොමැති බව පැහැදිලිවම දක්නට ඇති කරුණයි. සෞඛ්‍ය අංශ ඇතුලූව විෂය ප‍්‍රවීණයන් විසින් තහවුරු කරන්නේ ද එයයි. රාජ්‍ය සේවය ඇතුලූ අනෙකුත් කටයුතු අර්ධ වශයෙන් විවෘත කරමින්ද, පාසල්, විශ්ව විද්‍යාල ඇතුලූ ස්ථිර ලෙසම ජනයා ඒකරාශී කළ යුතු ආයතන දින නියමයක් නොමැතිව වසා තබමින්ද තවදුරටත් කටයුතු කිරීම හරහා ප‍්‍රකාශ වන්නේද, යළි යළිත් කොරෝනා වසංගත තත්වය පැතිරීම වේගවත් වීමේ හැකියාවයි.

මෙවැනි අවදානම් සහගත වාතාවරණයක් තුල වුවද මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ සාකච්ඡුාවක් යළිත් මතු වී ඇත. මැතිවරණයක් පවත්වන්නේ නම් එහි අනිවාර්යය අංගයක් වන්නේ එම කටයුතු වෙනුවෙන් රාජ්‍ය සේවකයා ඒකරාශී කරවමින් සේවයේ යෙදවීමයි. එය පූර්ව මැතිවරණ සමයේදී සැලකිය යුතු කාලයක් ගත යුතු කටයුත්තකි. අනතුරුව ඡුන්ද විමසීමේදී හා ගණන් කිරීමේදී මුලූ රටපුරාම මහජනතාව සමග ගැවසෙමින් කටයුතු කළයුතු වන්නේද රාජ්‍ය සේවකයාය. පවතින වාතාවරණය යටතේ එවැනි කටයුතුවල නිරතවීම රාජ්‍ය සේවකයාට මරණයට අතවැනීමක් විය හැකිය. ආරක්‍ෂිත ක‍්‍රම අනුගමනය කරනවායැයි ප‍්‍රකාශ කළද එය ප‍්‍රායෝගික නොවන බව අපගේ හැගීමයි.

එබැවින් මෙම කොරෝනා වසංගත තත්වය පූර්ණ ලෙස පහව යනතුරු මැතිවරණ රාජකාරීවල රාජ්‍ය සේවකයින් යෙදවීම පිළිබඳව අප දක්වනුයේ විරෝධතාවයකි. එය අප නියෝජනය කරන සේවාව මෙන්ම මැතිවරණ රාජකාරී සඳහා යොදවනු ලබන සමස්ත රාජ්‍ය සේවකයින්ගේ ජීවිත ආරක්‍ෂාව වෙනුවෙනි.

එම නිසා ඔබ කොමිසම සතු බලතල යොදා ගනිමින් රට පූර්ණ ලෙස කොරෝනා වසංගත තත්වයෙන් මිදෙන තුරු මැතිවරණ නොපැවැත්වීමේ තීරණය ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු. එසේ නොමැතිනම් ජීවිත අවදානම දරාගනිමින් මැතිවරණ රාජකාරීවල නොයෙදීමේ තීරණයක් ගැනීමට වෘත්තීය සමිති ලෙස කටයුතු කිරීමට සිදුවන බවද වැඩිදුරටත් දන්වා සිටිමු.

ස්තූතියි.
රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය. Public Services Management Assistants’ Union. (PSMAU)

Post Views: 12
Previous Post

කොවිඩ් මර්දනයට සජිත්ගේ ජන සුවය එක්වෙයි !

Next Post

ඉන්දියාවේ සහ පාකිස්ථානයේ සිටින ලාංකික සිසුන් ගෙන්වන්න සූදානම්

editor

editor

Next Post

ඉන්දියාවේ සහ පාකිස්ථානයේ සිටින ලාංකික සිසුන් ගෙන්වන්න සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved