පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට ඉකුත් 25 වැනිදා රාත්‍රී කාලයේදී කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත පූගොඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිසිය සැක කරන්නේ සැකකරු පිටතින් ඇතුළු වූ ස්ථානයක් මෙතෙක් සොයා ගැනීමට නොමැති බැවින්, ඔහු දහවල් කාලයේ අධිකරණ පරිශ්‍රයට පැමිණ එහි රහසිගතව සැඟව සිට රාත්‍රියේදී මෙම නඩු භාණ්ඩ කාමරයට ඇතුළු වන්නට ඇති බවයි. කෙසේ වෙතත් එහි තිබූ මුදල් සේප්පුව කැඩීමට හෝ ගිනි අවි කිසිවක් සොරා ගැනීමට ඔහු සමත්ව නොමැති අතර, නඩු භාණ්ඩ ලෙස රඳවා ඇති මත්ද්‍රව්‍ය සෙවීම සඳහා සැකකරු මෙලෙස ඇතුළු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.














