රඹුක්කන ප්‍රදේශයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, රඹුක්කන සිට පානදුර දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවල කිසිදු ප්‍රමාදයක් සිදු නොවන බව ද ඔහු වැඩිදුරටත් තහවුරු කළේය. මේ වන විට පීලිපැනීමට ලක්වූ දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.















