• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් කරන්නේ සීතල දඩයමක් – ජවිපේ ටිල්වින්

19 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම ජනතා මර්දනයක් දියත් කරමින් සිටින අතර මෙය ඇත්තටම මේක සීතල දඩයමක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (19) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ” හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයෙන් පළවා හැරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සිටි රාජපක්‍ෂවාදීන් විසින් පත්කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම ජනතා මර්දනයක් දියත් කරමින් සිටිනවා. ඇත්තටම මේක සීතල දඩයමක්. රනිල් වික්‍රමසිංහ තමන් ජනාධිපති වෙනකොට රටේ තිබුණු බරපතළ ආර්ථික, දේශපාලන ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙනවා වෙනුවට ප්‍රශ්නවලට විසඳුම් සොයන ජනතාව බියවැද්දීමට කටයුතු කරමින් සිටිනවා; රාජපක්‍ෂවරුන් ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඔහු ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙක් ලෙස පෙනී සිටින්න උත්සාහ කළත් සාමකාමී උද්ඝෝෂණ පාගමන්වලට පවා මර්දනය දියත් කරමින් සිටිනවා. 18වැනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කිසියම් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන පැවැත්වූ සාමකාමී පා ගමනට විශාල පොලිස් පිරිසක් යොදවලා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන සාමකාමී අරගල කිරීමේ අයිතියට යුද්ධයකට යන පොලිස් බලඇණියක් වගේ විශාල පිරිසක් යොදවා පහර දුන්නා. රනිල් වික්‍රමසිංහ දැන් ඉන්නේ ජනතාව පාරට බහිනකොටම ගහන්න බලාගෙනයි.

මේ ම්ලේච්ඡ තිරිසන් පහරදීීම ජනතා විමුක්ති පෙරමුණ ලෙස හෙළා දකිනවා. ඒ වගේම මෙවැනි මර්දනකාරීත්වයන් වහාම නතර කරන ලෙස අපි දැඩිව ආණ්ඩුවට අවධාරණය කරනවා. එසේ නොකළොත් මීට වඩා දැවැන්ත මහජන විරෝධතාවයන් පැන නැගී ගෝඨාභය රාජපක්‍ෂ ගිය පාරේම රනිල් වික්‍රමසිංහටත් යන්න සිදුවෙන බවට අනතුරු අඟවනවා. පහර දීමෙන් පසුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන සිටිනවා. ඒ වගේම ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරීන් පිළිබඳ සියලු විස්තර ලබාගෙන ඒ අරගලය නතර කළ අවස්ථාවේ සිට දිගටම මර්දනය ගෙන යනවා. මේ මර්දනකාරිත්වය වහාම නතර කර අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු සියලු දෙනාම වහාම නිදහස් කරන්න කියලා අපි බල කරනවා. ශිෂ්‍යයෝ, ධීවරයෝ අරගලයේ හිටපු අයට අමතරව මාධ්‍යවේදීන් සහ මාධ්‍ය හිමිකරුවන්ටත් සීතල මර්දනය දියත් කර තිබෙනවා. අරගලය තිබුණු කාලයේ රනිල් වික්‍රමසිංහ යටතේ දිගින් දිගටම මාධ්‍යවේදීීන්ට පහරදීීම් කළා. මාධ්‍ය උපකරණවලට හානි සිදුකළා. රටේ සිදුවන දේවල් වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය. ඒ අය පොලිසිය යොදවලා පහරදීම දිගටම අරගෙන එනවා. ඔවුන්ගේ මර්දනය හොඳින්ම කරගත නොහැකි වී තිබෙන්නේ මාධ්‍යවල වාර්තා වෙන නිසා. මේ නිසා මාධ්‍යවේදීීන්ට තර්ජනය කිරීමට අමතරව සිරස මාධ්‍ය ආයතනයේ සභාපතිවරයාගෙන් පැය ගාණක් ප්‍රශ්න කර තිබුණා. රනිල් වික්‍රමසිංහගේ ගේ ගිනි තැබීම පදනම් කරගෙන මේ වැනි ප්‍රශ්න කිරීම් සිදුකරනවා.

කවුරුන් හෝ සත්‍යය වාර්තා කරන්න යනවා නම් මාධ්‍යවේදීන් පමණක් නොව මාධ්‍ය ආයතන පවා බය වද්දන බවයි මෙයින් කියවෙන්නේ. රාජපක්‍ෂ යුගයේ පවා මෙවැනි සිදුවීම් දියත් කර තිබුණා. දැන් රනිල් රාජපක්‍ෂ පාලනය පොදු ජනතාව බය වද්දමින් ජන වරමක් නැති අනීතික දුෂ්ට පාලනය කෙසේ හෝ පවත්වාගෙන යාමට කටයුතු කරනවා. රාජපක්‍ෂවාදීන්ගෙන් ඡන්දයෙන් බලය ගත් රනිල් වික්‍රමසිංහ රාජපක්‍ෂලා සන්තෝස කරන්න උද්ඝෝෂණවලට පහර දීම සරල කාරණයන් නෙවෙයි. වහාම පරාජයට පත් කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව ගැන කතා කරමින් ඉන්නවා. එහෙම කතා කරන්න එයාට අයිතියක් නැහැ. තමන්ගේ අදහස් පළ කරන්න සහ සාමාකාමී උද්ඝෝෂණයේ යෙදෙන්න දී තිබෙන අයිතිය මර්දනය කරමින් රනිල් වික්‍රමසිංහ කයිවාරු ගහනවා. රනිල් වික්‍රමසිංහට පිනට ලැබුණු ජනාධිපතිකමෙන් රාජපක්‍ෂලා සන්තෝස කරන්න ඔහුට ඕනෑ වී තිබෙනවා. රාජපපක්‍ෂලා නැවත බලයට ගේන්න ඔහුට බල කෙරෙමින් තිබෙනවා. මේ නිසා මර්දනය දියත් කරමින් ජනතාව බය කරන්න කටයුතු කරනවා. ජනතාව මේ මොහොතේ මුහුණපා තිබෙන ඉතාමත්ම අසීරු ආර්ථික ගැටලුවලට විසඳුම් දීමේ වැඩපිළිවෙළක්වත් රනිල් වික්‍රමසිංහ සකස් කර නැහැ. ඒ වැඩපිළිවෙළක් සකස් කරනවා වෙනුවට ඔහු බලය තහවුරු කර ගන්න ක්‍රියා කරමින් ඉන්නවා.

සල්ලි අච්චු ගැසීම නිසා මේ වනවිට උද්ධමනය ඉතාම ඉහළ මට්ටමක තියෙන්නේ. ආහාර උද්ධමනය 90.1%ක් වීී තිබෙනවා. බිස්කට් කර්මාන්තය කඩා වැටෙන තරමට මිල ඉහළ ගිහින් තිබෙනවා. මේ කිසිවක් ගැන කතා නොකරන රනිල් වික්‍රමසිංහ ඉදිරි මාසයයත් අමාරු වන බව කියනවා. ඒ අතරේ විදුලි බිල ඉතා විශාල වශයෙන් වැඩිකර ජල බිලත් වැඩි කිරීමේ සුූදානමක් තිබෙනවා. සලාක ක්‍රමයක් හඳුන්වා දී ඉන්ධන පාවිච්චි කරන අය සීමා කර තිබෙනවා. පෝලිම් යුගය අවසන් බව කියන්නේ මේ වගේ තත්වයක් තුළ. ජනතාව නිහඬ කර තමන්ගේ හිතවතුන්ට සහ යාලුවන්ට වරදාන දෙමින් සතුටු කරන්න ක්‍රියා කරනවා. රටට ඔරොත්තු නොදෙන ඇමති මණ්ඩලයක් ඉදිරියේදී හදන්න යනවා. ගලවන්න පුළුවන් පක්‍ෂවලින් ගලවාගෙන ඇමති මණ්ඩලයයක් හදා පාලනය ගෙනයන්න උත්සාහ කරනවා. ජනතාවට පහර දෙමින් තමන්ව බලයට පත්කළ මන්ත්‍රීවරුන්ට වරදාන ලබා දෙනවා. තමන්ගේ යහළුවන්ට විශාල වරදාන ලබදීම එළිපිටම කරනවා. බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමට නැවත ස්කාගාර විවෘත කරන්න අවසර ලබා දුන්නා. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ වුනු අර්ජුන් මහේන්ද්‍රන් නිදහසේ ඉන්න අතර උද්ඝෝෂණය කරන ශිෂ්‍යයන් අත්අඩංගුවට ගන්නවා. රාජපක්‍ෂවරුන්ට වගේම රනිල් වික්‍රමසිංහටත් ජනතාව එක්ක කෝපයක් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂට ජනතා උද්ඝෝෂණ නිසා අගමැතිකම නැතිවී ගෝඨාභය රාජපක්‍ෂට ජනාධිපතිකම නැතිවුණා. බැසිල් රාජපක්‍ෂට මන්ත්‍රීකමත් නැතිවුණා. රාජපක්‍ෂවරු වටේ හිටිය හොරාකන අයගේ අවස්ථා නැතිවුණා.

මේ සම්බන්ධයෙන් ඔවුනට ජනතාව එක්ක තිබෙන කෝපය රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දීලා පිරිමහ ගනිමින් ඉන්නවා. අදත් රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති නෙවෙයි. රාජපක්‍ෂරුන්ගේ කොන්ත්‍රාත්කරුවෙක්. ජනතාව රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා නැහැ. ඔහුට ඡන්දය දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටිකක්. මේ නිසා පවතින බරපතළ තත්වය හොඳින් තේරුම් ගෙන පරාද කරන්න ඕනෑ. සැප්තැම්බර් මාසයේ ජිනීවා නුවර මානව හිමිකම් කොමිෂන් සභාව රැස් වෙනවා. එහිදී මේ මර්දනය නිසා ලංකාව පරාජය කරන්න ඉඩ තිබෙනවා. එහෙත් එයින් පරාජය වෙන්නේ රනිල් නෙවෙයි; මේ රටේ ජනතාවයි. උද්ඝෝෂණ මැඩ පවත්වන්න විශාල පොලිස් කණ්ඩායම් යොදවලා පළිගැනීමේ ස්වභාවයකින් කරගෙන යන්නේ රනිල් වික්‍රමසිංහලා අතිශය දූෂිත පාලනයක් ස්ථාපිත කරගන්නයි. මේ තත්වය පරද්දන්න අපිට විශාල සටනක් තිබෙනවා. ජන වරම අහෝසි වී තිබෙන බව අපි විතරක් නෙවෙයි හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පවා ප්‍රකාශ කර තිබෙනවා. ජනවරම අහෝසි වුණු ආණ්ඩුවට රට පාලනය කරන්න සදාචාරමය අයිතියක් නැහැ. දේශපාලනමය අයිතියක් නැහැ. ව්‍යවස්ථාවේ තිබෙන නීතිරීතිවලින් රැකුණත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත්තොත් කිසිම අයිතියක් නැහැ.

ජනතාව දස දහස් ගණන් පාරට බැහැලා කීවේ මේ පාලනය එපා කියලා. ජනතාව විසින් ජනාධිපතිවරයා පළවා හැරියත් ව්‍යවස්ථාව පාවිච්චි කර ගනිමින් ආණ්ඩුව බලයේ ඉන්නවා. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අසමත් ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ මේ ආණ්ඩුවේ කණ්ඩායම තවදුරටත් රට පාලනය කරන්න අයිතියක් නැහැ. ඒ නිසා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනෑ. තමන් කැමති පාලනයක් පිහිටුවා ගන්න ජනතාවට අවස්ථාව දෙන්න ඕනෑ. මේ ආණ්ඩුවෙන් අයිතිවාසිකම් ඉල්ලලා කිසිම තේරුමක් නැහැ. සහන ඉල්ලන ජනතාවට මර්දනයෙන් උත්තර දෙන දුෂ්ට පාලනය පළවා හැරිය යුතුයි. ඔවුන් ඉල්ලා අස්වී ජනතාවට කැමති පාලනයක් පිහිටුවා ගන්න මැතිවරණයක් වෙනුවෙන් හඬ නගන්න සිදුවී තිබෙනවා. ජනාධිපති පලවා හැරිය උද්ඝෝෂණවලින් පසුව කිසියම් නිහැඬියාවක් දැන් තිබෙනවා. කිසියම් මොහොතක ජනතාව නැවත නැගී සිටිනවා. ජනතාව පීඩා විඳින සියලු ප්‍රශ්න එසේම තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව නැගී සිට මේ පාලනය ඉවත් කරන්න අයිතියක් ජනතාවට තිබෙනවා. එය හරියටම ඉලක්ක ගතව කරන්න ඕනෑ. ඒ සටනට නායකත්වය දෙන්න ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් සූදානම්. ජනතාව පීඩාවට පත්කරන, මර්දනය කරන පාර්ලිමේන්තුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක ආරම්භය 20වැනිදා උද්ඝෝෂණ පෙළපාළියකින් සහ විරෝධතා රැලියකින් ලබා ගන්නවා. ආණ්ඩුවට ජනතාවගේ ශක්තිය පෙන්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස බල කරන්න ඕනෑ. තමන්ගේ පාලනයක් පිහිටුවා ගන්න ජනතාවට අවස්ථාව ඕනෑ. අරගලයේ ජන බලය පෙන්වන පා ගමන සහ රැලිය සාර්ථක කරගන්න අරගලයට පණ පොවමු කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මර්දනකාරිත්වය නැවැත්වීමටත් අත්අඩංගුවට ගෙන සිටින හැම දෙනාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස අපි බලකර සිටිනවා.යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 5
Previous Post

ගෝඨා යළි දේශපාලනයට පිවිසෙන බව මෙතෙක් කිව්වේ නෑ – ඇමැති ප්‍රසන්න

Next Post

ආරක්ෂක ප්‍රධානීන් ජනපති හමු වෙති

editor

editor

Next Post

ආරක්ෂක ප්‍රධානීන් ජනපති හමු වෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved