• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් දේශපාලඥයෙකුට එහා ගිය ආර්ථික දාර්ශනිකයෙක් – මන්ත්‍රී වජිර

14 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලඥයෙකුට එහා ගිය ආර්ථික දාර්ශනිකයෙක් නිසා ඔහු ආණ්ඩු වැටෙන වෙලාව, ආණ්ඩු පිහිටුවන වෙලාව පිළිබඳව නිසි අවබෝධයක් තියෙන නායකයෙක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (14) දින සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදීය.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මෙසේ අදහස් පල කලේය ” රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රටක් බංකොලොත් වී තිබෙන අවස්ථාවක ඒ රට යතා තත්ත්වයට පත්කර ගැනීම සඳහා වගකිම බාර ගත්තා. ඒ අවස්ථාවේ කිසි කෙනෙක් ඒ ප්‍රශ්නය අවබෝධ කරගෙන හිටියෙත් නැහැ, අපිට ආර්ථික වශයෙන් වැරදුණු තැන් පිළිබඳව අවබෝධයක් තිබුණෙත් නැහැ. ඒ නිසාම කිසිවෙකු ඒ අභියෝගය බාර ගත්තෙ නැහැ.

රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලඥයෙකුට එහා ගිය ආර්ථික දාර්ශනිකයෙක්…

රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලඥයෙකුට එහා ගිය ආර්ථික දාර්ශනිකයෙක් නිසා ඔහු ආණ්ඩු වැටෙන වෙලාව, ආණ්ඩු පිහිටුවන වෙලාව පිළිබඳව නිසි අවබෝධයක් තියෙන නායකයෙක් කියලා අපිට හිතන්න පුලුවන්. ඒ නිසාම තමයි මුළු රට ගිනි අරගෙන තිබෙන අවස්ථාවක මිනිස්සු ගෑස් ඉල්ලලා මහ පාරේ ඉන්න අවස්ථාවක කොළඹ තට්ටු නිවාසවල ඉන්න අය තමන්ගේ පරණ පුටු මේස කඩලා කෑම උයන යුගයකට පත්වුණා.


තෙල් සොයාගන්න බැරිව සල්ලි තියෙන අය තෙල් ලීටරය රුපියල් 500 ට 1000 ට 1500 ටත් ගත්තා. සල්ලි නැති අය මහත් දුෂ්කරතාවයකට පත්වුණා. පොහොර නැතිව ගොවි ජනතාව උදලු කරේ තියාගෙන නගරයට ආවා. කිරිපිටි නැතිව දරුවෝ අඬන යුගයකට පත්වුණා. මුළු ආර්ථිකයම කඩාගෙන වැටිලා බංකොලොත් වුණාට පස්සෙ තමයි ඒ අභියෝගය රනිල් වික්‍රමසිංහ මහත්තයා බාර ගත්තෙ.

ගිය අවුරුද්දේ අපි හිටපු තැන සිහිපත් කරගන්න…

ගිය අවුරුද්දේ මේ කාලේ හිටපු තැනේ හැටියට අය වැයක් ගේනවා තියා පාර්ලිමේන්තුව කොහොමද රැකගන්නෙ. අගමැති කාර්යාලය කොහොමද රැකගන්නෙ, ජනාධිපති කාර්යාලය කොහොමද රැකගන්නෙ කියන අභියෝගය මේ රට හමුවේ තිබුණා. එවැනි අවස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා, පාර්ලිමේන්තුවත් ආරක්ෂා කරලා, අගමැති කාර්යාලත් ආරක්ෂා කරලා ශ්‍රී ලාංකික සමස්ත මහජනයා ආරක්ෂා කිරීමට පියවර ගත්තා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තියට අනුව ශීඝ්‍ර ලෙස මුළු රටම සංවර්ධනය කරා ගෙනයමින්…

දැන් ඒ නිසා දිගින් දිගටම තවත් බොරුවෙන් ඉදිරියට යන්න බැහැ. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තියට අවධානය යොමු කරලා අයවැය ගෙනල්ලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 (ඈ) වගන්තියේ කියන්නේ “රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලියක් තුළින් සහ එකී ආර්ථික ක්‍රියාවලිය, රටේ සමාජ අරමුණු හා පොදු අභිවෘද්ධිය අරභයා මෙහෙයවිම සහ සම්බන්ධීකරණය පිණිස යෝග්‍ය වන සැලසුම් සහ පාලනය නීතියෙන් නියම කිරීමෙන් ශීඝ්‍ර ලෙස මුළු රට සංවර්ධනය කිරීමයි.

ඒ 27 (ඈ) අනුව රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම පිළිබඳව අවධානය යොමු නොකරන අවස්ථාවක ඒ පිළිබඳව අවධානය යොමුකරලා නූගත්කම තුරන් කිරීමටත්, සාධාරණ සමාන ඉඩ ප්‍රස්තා සළස්වා දීමටත්, අධ්‍යාපනයේ සම අවස්ථා ලබාදීමටත් මේ අයවැයෙන් අවධානය යොමු කරලා තිබෙනවා.

අපි මතක තබාගත යුතුයි, දේශපාලන පක්ෂ අවුරුදු 75 ක් තර තරඟයට විවිධ බොරු පොරොන්දු දීලා බලයට ආවා. මින් ඉදිරියට දේශපාලන පක්ෂවලට ඒ වැඩේ කරන්න ඉඩ තියන්න එපා. 2024 අවුරුද්දට මුළු ආදායම අවශ්‍ය කරනවා රුපියල් බිලියන 4200 ක්. හැබැයි මුළු ආදායම ලැබෙන්නෙ රුපියල් බිලියන 2850 යි. ඉතිරි රුපියල් බිලියන 1350 ක මුදල හොයාගන්නෙ කොහොමද කියලා අභියෝගයකුත් අපිට තිබෙනවා. ඒ අතරේ මහා ණය කන්දක් ගෙවන්න තිබෙනවා. දැන් මේ ණය ගෙවන්නත් පුලුවන්, ඉතිරි සල්ලි හොයාගන්නත් පුලුවන්. එහෙනම් සියලුදෙනා ඒකට සහයෝගය දෙන්න ඕන.

දැන් මේ වැටුප් වැඩි කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න අපි ඔක්කොම එකතුවෙන්න ඕන…

දැන් මේ වැටුප් වැඩි කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න අපි ඔක්කොම එකතු වෙලා වැඩ කළොත් විතරයි දිනන්න පුලුවන්. එහෙම නැතුව අපි වැඩ වර්ජන කළොත් එන ආදායම නැති වෙනවා. ලෝකෙට අපෙ වැඩ වර්ජන පෙන්නුවම සංචාරක ව්‍යාපාර ඇතුලුව අපට ආයෝජනය කරන්න එන ව්‍යාපාර කඩන් වැටෙනවා. ඒක හරියට අපි ක්‍රිකට්වල දී දූෂණය නැති කරන්න ගිහිල්ලා, දූෂණය නැති කරන්න ඕන, හැබැයි නීතිය එයට භාවිතා නොකළම ක්‍රිකට්වලින් ලැබෙන බිලියන 30 ක විතර ආදායම ජාතියට අහිමි වෙනවා. දැන් ඒ ප්‍රශ්ණයත් විසඳගන්න තිබෙනවා.

මාසික රාජ්‍ය වියදම බිලියන 383 යි, මාසික ආදායම බිලියන 215 යි,හිඟය බිලියන 168 යි…

සෑම මාසයකම රාජ්‍ය අංශයේ වැටුප් ගෙවිමට රුපියල් බිලියන 93 ක් පමණ ඕන. මහජන සුබ සාධන වැඩසටහන සඳහා රුපියල් බිලියන 30 ක් පමණ ඕන. ණය සහ පොලී ගෙවීමට රුපියල් බිලියන 220 ක් ඕන. රාජ්‍ය වියදම රුපියල් බිලියන 383 ක්. 2023 පළමු මාස 09 අපේ මාසික ආදායම රුපියල් බිලියන 215 යි. රුපියල් 168 ක හිඟයක් තිබෙනවා. එහෙනම් මේ ණය ගෙවන්න ක්‍රමවත් ආර්ථික සැළැස්මක් හා ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් අවශ්‍ය කරලා තිබෙනවා.


එහෙම කළොත් තමයි අපිට දිනන්න පුලුවන්. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දිගින් දිගටම කියන්නෙ අපි සියලුදෙනා එකට එකතු වෙලා ජාතික ප්‍රතිපත්තියකින් රට ගොඩගමු කියලා. මහජනයාව බොරු කියලා රවට්ටපු යුගය අවසන් කළ යුතුව තිබෙනවා. දේශපාලනය කරනවා කියලා අහිංසක මිනිස්සුන්ට ගිහිල්ලා දැන් මේ කරලා වැඩපිළිවෙලට පිටින් වෙනත් වැඩපිළිවෙලක් තිබෙනවා නම්, දැන් පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවලා තියෙනවා දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නම ඕන නැහැ. වෙන ඕන මතයක් තිබෙන ඕනෑම පුරවැසියෙකුට මේ ප්‍රශ්නය විසඳන්න පුලුවන් මාර්ගයක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න පුලුවන්. එහෙම මාර්ගයක් නැහැ.

2015 දී රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කළාට පසුව දැන් ඔන්න නැවතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වැටුප් වැඩි කරලා තිබෙනවා…

මෙවැනි අපහසුතා තිබෙන අවස්ථාවකත් 2015 දී රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කළාට පසුව කිසිදු වැටුපක් වැඩි වුණේ නැහැ. දැන් නැවතත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාලනය කරන හන්දා රජයේ සේවකයන්ට හිමිවන ජීවන වියදම රුපියල් 7800 ය, රුපියල් 10,000 කින් වැඩි කරනවා, ඒ කියන්නේ රුපියල් 17,800 ක් බවට පරිවර්තනය වෙනවා. හැබැයි මේක ගෙවන්න වෙන්නෙ මහා භාණ්ඩාගාරයට ආදායම් ලැබෙන්නෙ පෙබරවාරි, මාර්තු මාසය වන විටයි. එතකොට ඒ ජනවාරි, පෙබරවාරි හිඟ මුදලුත් එක්ක ගෙවීමට තමයි වැය ශීර්ෂය හදලා තිබෙන්නෙ.

විශ්‍රාමිකයන් හත් ලක්ෂ තිස් දහසකටත් (730,000), ජීවන වියදම් දීමනාව රුපියල් 3525 සිට රුපියල් 6025 දක්වා රුපියල් 2500 කින් වැඩි කරනවා. ඒ නිසා විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙනුත් රුපියල් බිලියන 386 ක මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා.

වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුපත් වැඩි කරනවා, ආබාධිත රෝගීන් හා වකුගඩු රෝගීන්ගේ දීමනාවත් රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා වැඩි කරනවා. වැඩිහිටි දීමනාවත් රුපියල් 2000 සිට රුපියල් 3000 දක්වා වැඩි කරනවා. එයින් ද පන්ලක්ෂ තිස් දහසක (530,000) ජනතාවක් ප්‍රතිලාභ ලබනවා.

ගර්භනී මව්වරුන්ටත් රුපියල් 4500 ක මාසික දීමනාව විධිමත් කරලා රුපියල් බිලියන 10 ක් වෙන් කරලා එයත් ක්‍රියාත්මක කරනවා. නාගරික නිවාස හිමිකමත් පවුල් 50,000 කට නිවාසවල අයිතිය නොමිලේම ලබාදෙනවා. එහෙම විශාල වැඩකොටසක් මේ අයවැයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා.

ඒ නිසා දැන් සියලුදෙනා හරි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. බෞද්ධ සංස්කෘතියට අනුව මහා විහාර, විශ්වවිද්‍යාලත්, අනුරාධපුර ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයත්, මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරත් ශක්තිමත් කිරීමට පියවර ගන්නවා.

එහෙමනම් අනෙකුත් දේශපාලන පක්ෂත් කල්පනාවෙන් වැඩ කරන්න ඕන. ජනතාවට බොරු පොරොන්දු දීලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. ණයට අරගෙන අපට ඉදිරියට යන්න බැහැ. ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. දේශපාලන පක්ෂවලට විකල්පයක් තිබෙනවා නම් ඒ විකල්පය කඩිනමින් ඉදිරිපත් කරන්න ඕන. විකල්පයක් නැතිනම් රට අමාරුවේ දාන්නෙ නැතිව රටේ මහජනතාව වංචනික ලෙස රවට්ටන්නෙ නැතිව සියලුදෙනා නිසි ගමන් ගමට එකතු වෙන්න කියන එකයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලාපොරොත්තු වෙන්නෙ.

විපක්ෂ නායක වැය ශීර්ෂයත් වැඩි කරලා, නමුත් විපක්ෂය එයට කියන්නෙ අපා දුක කියලා, සිල්ලර අයවැයක් කියලා…

දැන් බලන්න විරුද්ධ පක්ෂ නායකයා කියනවා මේ අයවැය සිල්ලර අයවැයක්, ජනතාවට අපාය පෙන්වූ අයවැයක්ලු. අපි හිතන්නේ විපක්ෂය ජනතාවට අපාය පෙන්වමින් ඉන්නවා කියලා. IMF පළවෙනි වාරිකය ලැබෙන්නෙ නෑ කියපු අය දැන් කියනවා දෙවෙනි වාරිකය ලැබෙන්නෙත් නැහැ කියලා. හැබැයි එකක් මතක තියාගන්න. දෙවෙනි වාරිකයත් ලැබෙනවා. එතකොට අතිරේක වැය ශීර්ෂ මගින් නව සහන ලබා දෙන්න තියෙනවා සමස්ත ජනතාවට. හැබැයි වැය ශීර්ෂයේ අපා දුක භුක්ති වීඳීම සඳහා විපක්ෂ නායක කාර්යාලයට 2023, රුපියල් මිලියන 258 (කෝටි 25 ආසන්න මුදලක්) දුන්නා ඒ අපා දුක විඳින්න. 2024, දී එය රුපියල් කෝටි 28.6 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ එය අසාර්ථක නම් ඒ දේශපාලනය අපිට තේරෙන්නෙ නෑ, ජනතාවට තේරෙන්නෙත් නෑ. මේ වෛරය, ක්‍රෝධය, ඊර්ශ්‍යාව නැතිවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

මේ අයවැය දුප්පත් පංතියටත්, මධ්‍යම පංතියටත්, ඉහළ පංතියටත් බංකොළොත් වූ රටක ගෙනාපු අයවැයක්…

මේ අය වැය දුප්පත් පංතියටත්, මධ්‍යම පංතියටත්, ඉහළ පංතියටත් බංකොළොත් වූ රටක ගෙනාපු අයවැයක් කියලා මතක තබාගන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි වාරිකයත් ලබා ගත්තට පසුව තවත් සහන දීලා තවත් ශක්තිමත් කරලා ආර්ථික ගමන වේගවත් කරලා ඉදිරියට යන්න පුලුවන් කියලා මතක් කරන්න කැමතියි. මේ අයවැය සමස්ත මහජනතාව ලබපු ගිය වර්ෂයට සමගාමීව කළ නොහැකි වැඩක් කරපු රනිල් වික්‍රමසිංහ ජනපතිට ස්තූතියි කියන්න කැමතියි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11
Previous Post

සිස්ටම් එක චේන්ජ් කරන අයවැයක්.. සිල්ලර, සුරංගනා කතා නෑ – ඇමැති ප්‍රසන්න

Next Post

මැලිබන් බිස්කට්, දශක 7ක ගුණාත්මක බවින් යුතු විශිෂ්ටත්වය සමඟින් ලෝක තත්ත්ව සතිය සැමරීමට එක්වෙයි

editor

editor

Next Post

මැලිබන් බිස්කට්, දශක 7ක ගුණාත්මක බවින් යුතු විශිෂ්ටත්වය සමඟින් ලෝක තත්ත්ව සතිය සැමරීමට එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved