• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් – සජිත් කවදාවත් එකතු වෙන්නේ නෑ – මන්ත්‍රී තිස්ස අත්තනායක

29 April 2024
in දේශීය, පුවත්
ඉදිරි මැතිවරණ තීරණය බැසිල් රාජපක්ෂ අදින නූලට අනුවයි – මන්ත්‍රී තිස්ස අත්තනායක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එකතු වී මෙවර ජනාධිපතිවරණයට පැමිණිමට ඉඩකඩ තිබෙන බව අනුර කුමාර දිසානායක මහතා ස්විඩනයේදී ප්‍රකාශ කර ඇති බවත් රනිල් සජිත් එකතුවක් කිසිසේත් සිදුනොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (29) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා “ සමගි ජන සන්ධානය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධව සංවිධානය කරන මැයි දිනය ස්ථාන දෙකකදී පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන මැයි දින රැළිය කොළඹ චැතම් වීදිය මූලික කරගෙන පවත්වන්න කටයුතු සුදානම් කරලා තිබෙනවා. සමගි ජන බලවේග මැයි දින පෙළපාලිය ගුණසිංහපුර ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරෙනවා. සමගි ජන බලවේග මැයි දින රැළියට ලක්ෂයටකට අධික පිරිසක් සහභාගි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සමගි ජනබලවේගයේ ක්‍රියාකාරීන් , විද්වත් සංවිධාන , වෘත්තිය සමිති මේ සඳහා එකතු වීමට නියමිතව තිබෙනවා.

සමගි ජනබලවේගයේ ඊළඟ මැයි දිනය වතුකරයේ ජනතාව නියෝජනය කරමින් තලවාකැලේදී පැවැත්වීමට සූදානම් කරලා තිබෙනවා. මෙම මැයි දින රැස්වීම දිගම්බරම් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සංවිධානය කරනවා. මේ සඳහා වතුකරය නියෝජනය කරන වෘත්තිය සමිති , දේශපාලන ව්‍යාපාර සහ සමගි ජන සන්ධානයේ පිරිසත් එම මැයි දින රැළියට එකතුවීමට නියමිතයි. එම රැස්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වීමට නියමිතව තිබෙනවා.

මේ ආණ්ඩුව යටතේ තිබෙන අවසාන මැයි දින රැළිය මෙවර මැයි දින රැළියයි. මෙවර පැවැත්වෙන මැයි දින රැළිය තීරණාත්මක මැයි දින රැළියක්. සමගි ජනබලවේගය සංවිධානය කරන මැයි දින රැළියට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ජනතාව සහභාගි වෙනවා. සමගි ජනබලවේගය විසින් කොළඹ චැතම් වීදියේ පවත්වන මැයි දින රැළියට සහ තලවාකැලේ පවත්වන මැයි දින රැළියට සහභාගි වන්නැයි සියලු දෙනාට අපි ආරාධනා කරන්න කැමැතියි. ඒ වගේම මැයි පළමු වැනිදා සවස 2.00 ට සමගි ජනබලවේගයේ ප්‍රධාන මැයි දින රැළිය කොළඹ චැතම් වීදියේදී පැවැත්විමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කරලා තිබෙනවා. ඒ වගේම මැයි දින පෙළපාලිය සවස 1.00 ට ගුණසිංහපුර ක්‍රීඩාංගනයෙන් ආරම්භ කිරිමට කටයුතු සුදානම් කරලා තිබෙනවා.

ඒ වගේම මේ වනවිට රටේ දැඩි කතා බහකට ලක්වී තිබෙනවා සජිත් අනුර විවාදය පිළිබඳව. සමගි ජන බලවේගය යෝජනා කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර සහ සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ප්‍රතිපත්තිමය විවාදයක් පැවැත්වීම සුදුසු බවයි. සමගි ජනබලවේගය විවාදයකට ආරාධනා කළේ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුවට. කෙසේ නමුත් මේ වනවිට ජාතික ජනබලවේගය විසින් ආර්ථික කමිටු අතර විවාදය මග හරිමින් තිබෙනවා.

මැයි මාසය තුළ සජිත් අනුර විවාදය පැවැත්වීමට අපි සුදානම්. ආර්ථික කමිටු අතර විවාදයක් , නායකත් දෙපළ අතර විවාදයත් මැයි මාසය තුළ දින නියම කරගෙන ඒ සඳහා සහභාගි වන්නැයි ජාතික ජනබලවේගයට ආරාධනා කර සිටිනවා. මෙම විවාද සඳහා මැදිහත්කරුවෙක් ලෙස සහ පහසුකම් සපයන්නෙක් ලෙස සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලා තිබෙනවා.

ජාතික ජනබලවේගයේ ආර්ථක ප්‍රතිපත්ති ගැන ගැටලු ගණනාවක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරනවා. ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජන බලවේගයට ප්‍රතිපත්ති දෙකක් නෑ කියලා. එයින් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති තමයි ජාතික ජනබලවේගයෙත් ප්‍රතිපත්ති වෙන්නේ. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ලෙස එළියට ඇවිත් තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති නම් රටට අත්වන ඉරණම පිළිබඳව දෙවරක් සිතිය යුතුයි. ජනබලවේගය සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති මතනම් රට ඉදිරියට ගෙනියන්න පුලුවන්ද කියන කාරණය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙනවා. රටේ තිබෙන අභියෝග ඔවුන්ට ජය ගන්න හැකිද යන්න පිළිබඳ ප්‍රශ්නයද මතුවෙනවා. ජනබලවේගය සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති වලනම් ඒ ගැන රටේ ජනතාව දැන ගත යුතුයි.

අපිට පේන විදිහට ජාතික ජනබලවේගයට ආර්ථිකය මෙහෙයවන්න කණ්ඩායමක් නෑ. නමුත් සමගි ජනබලවේගයෙට රටේ ආර්ථිකය මෙහෙයවන්න හැකි ශක්තිමත් අද්දැකීම් තිබෙන ආර්ථික කණ්ඩායමක් සිටිනවා. රට ආර්ථික වශයෙන් කඩා වැටිලා , රට විශාල මුල්‍ය අර්බුදයක තිබෙන්නේ , රට ඉදිරියට ගෙන යාමට නිසි ජාතික වැඩපිළිවෙළක් තවම නෑ. ඒ නිසා රට ගොඩගැනිමට හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට හැකි පක්ෂය කුමක්ද යන්න පිලිබඳව සහ ඒ සඳහා නායකත්වය ලබාදෙන නායකයා කවුරුන්ද කියන දේ ඉතාම වැදගත්. ජනාධිපතිවරණයෙන් පසුව රට මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ එයයි. එවැනි අභියෝගයක් ජය ගන්න සමගි ජනබලවේගයට සහ සජිත් ප්‍රේමදාස මහතාට හැර වෙනත් විකල්පයක් තිබෙනවානම් ඒ සම්බන්ධයෙන් ඕනෑම විවාදයක් සිදුකරන්න සමගි ජනබලවේගය සුදානම්.

අනුර කුමාර දිසානායක කියනවා රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස එකතුවෙලා ඊළඟ ජනාධිපතිවරණයට එන්න පුලුවන් කියලා. කිසිම වෙලාවක රනිල් සජිත් එකතුවක් සිද්ධ වෙන්නේ නෑ. බිම් මට්ටමේ සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ සමගි ජනබලවේගය ඉතාමත් සමගියෙන් වැඩ කටයුතු සිදුකරගෙන යනවා. ගම්වල සිටින සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් දැන් සමගි ජනබලවේගය පැත්තෙයි සිටින්නේ. අනාගතයේදීත් එක්සත් ජාතික පාක්ෂිකයන්ව සමගි ජනබලවේගයට එකතු කරගන්න අපි සූදානම්. එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් සෑම විටම පෙනී සිටිමට සමගි ජනබලවේගය සුදානම්. ජනාධිපතිවරයා ජනාධිපති වූ පසු එක්සත් ජාතික පාක්ෂිකයන්ට සිදුවුණ දේශපාලන පලිගැනිම් වලට ජනාධිපතිවරයාට සාධාරණටක් ඉටු කරන්න නොහැකි වුණා.

2015 ආණ්ඩුවෙන් ලබාදුන්න සංවර්ධන සහයක පත්වීම් 8000 නැවත ලබාදෙන්න නොහැකි වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පත්විම් විශාල ප්‍රමාණයක් ස්ථිර කරන්න නොහැකි වෙලා තිබෙනවා. මොවුන්ට සාධාරණයක් ඉටු කරන්න නොහැකි රනිල් වික්‍රමසිංහ කොහොමද එක්සත් ජාතික පාක්ෂිකයන්ට සාධාරණය ඉටු කරන්නේ. ගමේ සිටින එක්සත් ජාතික පාක්ෂිකයාව ආරක්ෂා කරන්න සමගි ජනබලවේගය සුදානම්. අනාගතයේ රට ගොඩනගන වැඩපිළිවෙළ ගැන ප්‍රකාශ කරනවා වෙනුවට එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය සමඟ එකතු වෙනවා යැයි කියන තරමට අනුර දිසානයක පහත් තැනකට වැටී තිබෙනවා.

අස්වැසුම යටතේ රට පුරා සහල් බෙදා දීමක් ආරම්භ කරලා තිබෙනවා. මෙය වැරදි පියවරක් ලෙස සමගි ජනබලවේගය දකින්නේ නෑ. නමුත් ප්‍රමිතියෙන් තොර සහල් තමයි රටේ ජනතාවට බෙදා දෙන්නේ. ප්‍රමිතියෙන් තොර සහල් ලබාදිමට සම්බන්ධ වුණ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒවා පිළිබඳ පරික්ෂණ කරන බව පවසමින් මග හැරිමට උත්සහ කරනවානම් එය බරපතල ප්‍රශ්නයක්. ආණ්ඩුව හාල් බෙදලා ජනතාවගේ ඡන්දය ගන්න තමයි උත්සහ කරන්නේ. ප්‍රමිතියෙන් තොර සහල් ලබානොදී ප්‍රතිමිතියෙන් යුතු සහල් ලබාදිමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතුයි. ආණ්ඩුවේ තිබෙන බංකොලොත්භාවය මේ හරහා පෙනෙන්න තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකර එම සහල් නිකුත් කිරිමට නියෝග කළ සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.‘‘

‘‘සමගි ජනබලවේගය උත්සහ කරන්නේ වැඩ කරන ජනතාවට අභිමානයෙන් ජිවත්විමට හැකි රටක් නිර්මාණය කරන්න. රටේ ජනතාව සිටින්නේ දැඩි ආර්ථික පීඩනයක. ඒ වගේම රැකියාවල තිබෙන සුරක්ෂිතභාවය පිළිබඳවද ගැටලු මතුවී තිබෙනවා. ඒ නිසා රටේ ජනතාවගේ සේවා සුරක්ෂිතභාවය සහ රටේ ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිම ඉතාම වැදගත්. ඒ සඳහා ජාතික ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරන්න සමගි ජනබලවේග ආන්ඩුවකින් ක්‍රියාකරන බවට වන සහතිකය අපි ලබාදෙනවා. ඒ වගේම වතුකරයේ සිටින ජනතාවත් දැඩි ආර්ථික අර්බුදයක සිටින්නේ. ඔවුන්ට ලැබෙන ආදායමෙන් ඔවුන්ට ජිවත් වෙන්න බෑ. ඒ සඳහා විපකල්ප විසදුම් ගණනාවක් සමගි ජනබලවේගය විසින් යෝජනා කරලා තිබෙනවා. වැඩකරන ජනතාවගේ සේවා සුරක්ෂිතභාවය තහවුරු කරන ශක්තිමත් වැඩපිළිවෙළක් සමගි ජනබලවේගය අපි සකස් කරනවා.‘‘යැයි මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11,862
Previous Post

ඉදිරි මාස තුන තුළ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා – රාජ්‍ය ඇමැති ෂෙහාන්

Next Post

ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම් – රාජ්‍ය අමාත්‍ය ඩයනා

editor ttvnews

editor ttvnews

Next Post
ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම් – රාජ්‍ය අමාත්‍ය ඩයනා

ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම් - රාජ්‍ය අමාත්‍ය ඩයනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved