• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජුනි 20 ජන්ද බැරි වෙයි – හිටපු අගමැති රනිල්

26 April 2020
in දේශීය

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකාව තුළ පවතින සංඛ්‍යාලේඛන දෙස බැලීමේදි ජුනි මස විසි වන දින මහ මැතිවරණය පැවැත්විය හැකි යැයි තමන් විශ්වාස නොකරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කළේ, ඉන්දියාවේ “ද හින්දු පුවත්පත” සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.

මෙහිදී ඔහු  දකුණු ආසියාවට මානුෂීය ප්‍රතිචාරයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

මෙහිදී වගකිව යුතු අයෙකු සමඟ සාර්ක් ලේකම් කාර්යාලය ක්‍රියාකාරි භූමිකාවක් ඉටුකළ යුතු අතර එහිදී ඉන්දියාව ප්‍රමුඛ කාර්යයභාරයක් ඉටුකළ යුතු බවත් පවසයි.

එසේම කලාපයක් ලෙස මෙම තත්ත්වය හැසිරවීම නේපාලයේ කත්මණ්ඩු නුවර සිට පමණක් කළ නොහැකිනම්, ඒ සඳහා ඉන්දියාවේ බැංගලෝරය සහ ශ්‍රී ලංකාවේ කොළඹ යොදා ගත හැකි බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා ද හින්දු පුවත්පතට පවසයි.

ලොව බොහෝ රටවල් කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් කලාපිය වශයෙන් සැලසුම් සකස් කරන අවස්ථාවක, හොද සෞඛ්‍ය පද්ධතියක් ඇති ශ්‍රී ලංකාව සහ කේරළය එකට එක්ව වැඩකළ යුතු බවත් මෙම අවස්ථාවේ සාර්ක් සංවිධානය තුළ සියළුදෙනා එකට එක්විය යුතු වෙයි.

එසේම තම ඉල්ලීම පරිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ශ්‍රී ලංකාවට පිරිනැමු 1990 හදිසි ගිලන් රථ සේවය සම්බන්ධයෙන් තමන් ඔහුට ස්තූතිවන්ත විය යුතු බවත් එම ගිලන් රථ සේවය නොවන්නට මෙම අවස්තාවට මුහුණදීම වඩාත් දුෂ්කර වනු ඇති බවද රනිල් වික්‍රමසිංහ මහතා ද හින්දු පුවත්පත සමඟ පවසා තිබේ.

මෙහිදි ද හින්දු පුවත්පත් මාධ්‍යවේදිනිය ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව විසින් ජුනි මස 20 වන දින මහමැතිවරණය පවත්වන බව නිවේදනය කිරීම සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අදහස් විමසා ලැබුවේය.

එයට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ විරුද්ධ පක්ෂයේ බොහෝ පාර්ශව ඒ සඳහා විරුද්ධ වී ඇති අතර ශ්‍රී ලංකාව තුළ කොඩිඩ් 19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැනට පවතින සංඛ්‍යාලේඛන දෙස බැලීමෙදි මැතිවරණය පැවැත්වීම පිළිබඳ තමන්ට විශ්වාසයක් තැබිය නොහැකි බවයි.

Post Views: 10
Previous Post

හෙට (27) දිවයින පුරා ඇඳිරි නීතිය පනවයි

Next Post

හමුදාවේ නිරෝධායන කටයුතුවලට කොළඹ පාසල්

editor

editor

Next Post

හමුදාවේ නිරෝධායන කටයුතුවලට කොළඹ පාසල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved