රත්නපුර පදවි මරිය හමුදා කියුරියාවේ වාර්ෂික පොරොන්දු අලුත් කිරීමේ දිව්‍ය පූජා යාගය සහ වාර්ෂික මහ සභා රැස්වීම කෑගල්ල ශාන්ත මරියා දෙව්මැඳුරේදී සහ මීසම් ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
රත්නපුර පදවි රදගුරු ලේකම් ෂේන් වික්‍රමසිංහ පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම දිව්‍ය පූජාවේදී එතුමන් සඳහන් කළේ, සරණය පතා දේව මාතාවන් වහන්සේ වෙත පැමිණෙන කිසිවෙකු හිස් අතින් නොයවන බවත්, අසරණ ජනතාව උදෙසා දේව මෑණියන් නිරතුරුවම දෙවියන් වහන්සේ හමුවේ මැදිහත් වන බවත්ය. එබැවින් අචල බැති සිතින් හා විශ්වාසයෙන් යුතුව දේව මෑණියන්ට යාච්ඤා කරන ලෙස පියතුමා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාව සඳහා රඹුක්කන මීසම් සේවක උමේෂ් මාලින්ද පියතුමා, කෑගල්ල මීසම් සේවක අයාල් ඉන්දික ප්‍රනාන්දු පියතුමා සහ සහයක දිලීප නුවන් පියතුමා ඇතුළු පිරිසක් සහභාගී වූහ. මරිය හමුදා පාලක සභා නිලධාරීන්ගේ සහ ක්‍රියාකාරී මරිය භටයන්ගේ කැපවීමෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
















