ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය අද දින (2026 ජූලි 28) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබා තිබේ.අද දිනට සිය 55 වැනි උපන් දිනය යෙදී තිබූ ඒ මහතා වෙත නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ප්‍රමුඛ නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය විසින් උපන් දින සුබ පැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් උත්තමාචාරය පුද කර ඇත. 1992 වසරේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 10 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස සේවයට එක්වූ ඒ මහතා, සිය සේවා කාලය තුළ වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හී සහ නෞකාවන්හී අණදෙන නිලධාරී ලෙස කටයුතු කර ඇති අතර, නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී, දකුණු සහ නැගෙනහිර නාවික විධානයන්හි ආඥාපති ඇතුළු ප්‍රමුඛ නිලතල රැසක් හොබවා ඇති කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.














