• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සඳහිරුසෑයට නිධන්වස්තු භාරගැනීම් ඇරඹෙයි

20 March 2021
in දේශීය

නාඋයන ආරණ්‍ය සේනාසනයේ වැඩවසන අගුල්ගමුවේ ආරියනන්ද හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සඳහිරු සෑයේ තැන්පත් කිරීම සඳහා නිධන් වස්තු විශාල ප්‍රමාණයක් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත ඊයේ ( 19) දින අමාත්‍යාංශයේදී භාරදීමට කටයුතු කෙරිණි.

පිරුවානා පොත් වහන්සේ, බුද්ධ ප්‍රතිමා, බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ආදර්ශ ආකෘතියක් හා වටිනා ගල් වර්ග ඔබ්බන ලද විචිත්‍රවත් ස්ථූප ආකෘති ගණනාවක් ද පිරිනමන ලද නිධන් වස්තු අතර වේ.

අනුරාධපුර සඳහිරු සෑයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා එළඹෙන මාර්තු 28 වන දින සංවිධානය කෙරෙන ආගමික උත්සවය වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදුකර ඇත.

මෙම දැවැන්ත ස්ථූපයේ ධාතු ගර්භයේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර නිධන් වස්තු තැන්පත් කිරීමෙන් අනතුරුව හතරැස් කොටුවේ ඉදිකිරීම් ආරම්භ කෙරේ.

මාර්තු 20 සිට 27 දක්වා සඳහිරු සෑ භූමියේදී මෙම උදාර අරමුණ වෙනුවෙන් රට පුරා සිටින බැතිමතුන්ට නිධන් වස්තු පූජා කිරීමට අවස්ථාව සලසා ඇත.

මෙම අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගී වූහ.

Post Views: 22
Previous Post

අපරාධ රැල්ල මැඩලීමේ දැවැන්ත මෙහෙයුම් ඉදිරියේදී ඇමැති සරත් කියයි

Next Post

විමල් දුම්වැටිය ප්‍රවර්ධනය කිරීම වැරදි බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි

editor

editor

Next Post

විමල් දුම්වැටිය ප්‍රවර්ධනය කිරීම වැරදි බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved