27 April 2024
#දේශීය

විමල් දුම්වැටිය ප්‍රවර්ධනය කිරීම වැරදි බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි

දුම්වැටි ප්‍රචාරණය සඳහා පසුගිය 17 වනදා ආණ්ඩුව නියොජනය කරන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත් වීම තරයේ හෙලා දකින බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය පවසා සිටියේ විමල් විරවංශ මහතා සහභාගී වු මාධ්‍ය හමුවකදී ලංකාවේ නිශ්පාදිත ආයුර්වේද නිශ්පාදනයක් ලෙස හුවා දක්වමින් විදේශීය නිකොටින් සහිත සිගරට් වලට ආදෙශකයක් ලෙස භාවිතා කල හැකි යැයි පවසමින් “කුරුඳු දුම්වැටි” හඳුන්වාදී එය මුවෙහි රඳවාගෙන මාධ්‍ය වෙත පෙනී සිටිම බරපතල ගැටළුවක් බවයි.

ඒ, දැනට ලංකාවේ නීතියට අනුව දුම් වැටි හා මධ්‍යසාර ප්‍රවර්ධනය කිරීමට කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලයක් නැති අතර මෙය දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් ප්‍රකාශිත දුම්කොල මධ්‍යසාර පනත් උල්ලංඝනය කිරීමක් බව එම සංගමය පවසයි.

ට අමතරව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් චීන දුම්වැටි ආනයනය සදහා බලපත්‍ර ලබා දීමට උත්සාහ කල අවස්ථාවේදී නිකුත් කළ නිවේදනය මගින්ද ලංකාවේ ජනතාව දුම්වැටි හා දුම්කොළ නිශ්පාදනයන්ට හුරුකරවීම බරපතල ගැටළුවක් සේ පෙන්වා දී තිබේ.

තව ද අද දවසේ තරුණ පරපුරේ දුම්වැටි භාවිතාව සාපේක්ශව අඩුවීමේ ප්‍රවනතාවයක් ඇති බැවින් මෙමගින් පාසල් දරුවන් තුල නව සිගරට්ටු අත් හදා බැලීමත් ඉන්පසු ඊළඟ පියවර ලෙස නිකොටින් සහිත දුම්වැටි කරා යාමත් සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිත උත්තේජනයක් බවත් රටේ වගකිව යුතු ඇමතිවරයෙකු මෙය මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කිරීමෙන් දරුවන් පලමුව එයටත් ඉන්පසු විදේශීය සිගරට් වලටත් හසුවනු ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරන්‍ය කළේය.

දියුනු මානව සම්පතක් නිර්මාණය කර ගැනීමේදී අත්‍යාවශය වන්නේ දුම්වැටි භාවිතාව අවම කිරීම මිස එය වක්‍රව හෝ ප්‍රවර්ධනය කිරීම නොවන බවත් රටේ සමස්ත සෞඛ්‍ය වියදමෙන් විශාල මුදලක් ශ්වසන සහ හෘද රෝග වලට වෙන් වන අතර ඉන් බොහෝමයක් සක්‍රීය මෙන්ම අක්‍රීය දුම් පානය නිසා වී ඇති බව හෙතෙම පැවසිය.

එබැවින් මෙම පදනම් විරහිත දුම්වැටි ප්‍රචාරණය සඳහා ආණ්ඩුවේ මැදිහත්වීම හෙලා දකින තම සංගමය මේ සඳහා ආණ්ඩුවේ විශේෂ අවධානය යොමුකල යුතු බව අවධාරණය කරයි.

ඉදිරියේදී මෙවන් අසත්‍ය පදනම් විරහිත ප්‍රචාරණයන් වැලැක්වීමට පියවර ගන්නා ලෙසත් ,එකී අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීම ජනතාව මුලාවට පත්වීම වැළැක්වීම සදහා අත්‍යාවශ්‍ය බවත් සිහිපත් කරන බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *