ඉතාලියේ උපත ලබා, එංගලන්තය කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දක්වන තරුණ ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වන රෙහාන් කිරිඇල්ල මේ වන විට ක්‍රිකට් ලෝකයේ දැඩි කතාබහට ලක්ව සිටී.
තුෂාර කිරිඇල්ල සහ ලක්මිණී සෙනවිරත්න යන දම්පතියන්ගේ එකම පුත්‍රයා වන රෙහාන්, වයස අවුරුදු තුනේදී එංගලන්තයට පදිංචියට ගොස් ඇති අතර, වයස අවුරුදු හතේදී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස ඇත. එංගලන්තයේ යෝක්ෂය කලාපීය අවුරුදු 12න් පහළ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් සිය ක්‍රිකට් දිවිය ඇරඹූ ඔහු, 2024 වසරේ සදර්න් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම කනිෂ්ඨ ලකුණු රැස් කළ ක්‍රීඩකයාට හිමි සම්මානය ප්‍රවීණ ක්‍රීඩක මැතිව් හොගාර්ඩ් අතින් ලබා ගැනීමට සමත් විය.
වර්තමානයේ වයස අවුරුදු 16ක් වන රෙහාන්, එංගලන්තයේ මෑන්ෆීල්ඩ් ක්‍රිකට් ක්ලබ් (Manfield Cricket Club) ඩර්බිෂයර් යටතේ වයස 18න් පහළ ප්‍රිමියර් ලීග් කාණ්ඩය නියෝජනය කරන අතර, ඉතාලි ජාතික යොවුන් (වයස 19න් පහළ) කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසද ක්‍රීඩා කරයි. දකුණු අත පා දඟ පන්දු යවන්නෙකු ලෙසද කටයුතු කරන ඔහු, මෙතෙක් ක්‍රීඩා කළ තරග 331කින් ශතක 5ක්, අර්ධ ශතක 22ක්, නොදැවීී පැමිණි වාර 78ක්, හතරේ පහර 799ක් සහ හයේ පහර 63ක් සමඟින් විශිෂ්ට ක්‍රිකට් වාර්තාවකට හිමිකම් කියයි.














