ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ කැන්ටාර් (Kantar) ආයතනය එක්ව සංවිධානය කළ 2026 SLIM-Kantar People’s Awards සම්මාන උළෙලේදී, ‘වසරේ ජනප්‍රියම චොකලට් සන්නාමය’ (People’s Chocolate Brand of the Year) ලෙස රිට්ස්බරි (Ritzbury) සන්නාමය සම්මානයට පාත්‍ර විය. මොනාක් ඉම්පීරියල් හිදී පැවැති මෙම උළෙලේදී රිට්ස්බරි මෙම සම්මානය දිනාගනු ලැබුවේ අඛණ්ඩව දෙවැනි වසරටත් වීම විශේෂත්වයකි.
පාරිභෝගික රුචිකත්වය සහ විශ්වාසය මතම පදනම්ව පිරිනමනු ලබන මෙම සම්මානය හරහා රිට්ස්බරි සන්නාමය ශ්‍රී ලාංකික ජනතාව සමඟ පවත්වන ශක්තිමත් සබඳතාව යළිත් තහවුරු වී ඇත. උසස් ප්‍රමිතියෙන් යුත් චොකලට් සහ කොකෝවා ආශ්‍රිත නිෂ්පාදන පාරිභෝගිකයා වෙත සමීප කිරීමට අමතරව, තරුණ දක්ෂතා නංවාලීම සඳහා රිට්ස්බරි සිදුකරන විවිධ ප්‍රජා සත්කාරක වැඩසටහන් ද මෙම සාර්ථකත්වයට බෙහෙවින් දායක වී තිබේ.
මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් CBL Foods International හි අලෙවි සාමාන්‍යාධිකාරී නිලක්ෂ බැස්ටියන්ස් මහතා සඳහන් කළේ, මෙම කාණ්ඩය ආරම්භ කළ දා සිට අඛණ්ඩව දෙවසරක් මෙම ජයග්‍රහණය ලැබීම විශාල ගෞරවයක් බවයි. පාරිභෝගිකයන්ට සෑම විටම උපරිම ගුණාත්මකභාවයෙන් සහ වටිනාකමෙන් යුත් නිෂ්පාදන ලබා දීමට රිට්ස්බරි සන්නාමය නිරන්තරයෙන් කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.












