ඉතාලියේ වේගයෙන් ජනප්‍රියත්වයට පත්වන අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන රොබර්ටෝ වානාචි (Roberto Vannacci) ඉහළ පෙළේ ව්‍යාපාරික සමුළුවක් අමතමින් ප්‍රකාශ කළේ, යුරෝපා සංගමය තවදුරටත් දේශපාලන ඒකාබද්ධතා පසුපස හඹා නොගොස් යුරෝපීය සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කිරීමට මුල් තැන් දිය යුතු බවයි.
සමුළුව අතරතුර යුරෝපා සංගමයේ ඒකාබද්ධතාව පිළිබඳව හිටපු අගමැති මාරියෝ මොන්ටි සමඟ පැවති විවාදයකදී ඔහු මෙම අදහස් පළ කළේය. නව පක්ෂයක් ලෙස ආරම්භ කර මාස හතක් වැනි කෙටි කාලයක් තුළ ඉතාලියේ සිව්වන විශාලතම දේශපාලන බලවේගය බවට පත්ව ඇති ‘ෆුටුරෝ නාසියෝනලේ’ පක්ෂයේ නායක වන වානාචිගේ මෙම අදහස් දැක්වීම දැඩි කතාබහට ලක් විය. කෙසේ වෙතත්, ඔහුගේ අදහස් දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ හිටපු අගමැති මාරියෝ මොන්ටි, වානාචිගේ කතාව තුළ පැහැදිලි ෆැසිස්ට්වාදී වාචාලකමක් සහ ආකල්පයක් ගැබී ඇති බවට අනතුරු ඇඟවීය.














