හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරිම්වල මේ වන විට දෙවන ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, හෙට (19) කටාර් රාජ්‍යයේ පැවැත්වෙන දෝහා ඩයමන්ඩ් ලීග් (Doha Diamond League) මලල ක්‍රීඩා තරගාවලිය සඳහා එක්වීමට නියමිතය. මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ පසුවන ඔලිම්පික් රන් පදක්කම්ලාභී ඉන්දීය සුපිරි ක්‍රීඩක නිරාඡ් චොප්රා ද (Neeraj Chopra) රුමේෂ් සමඟින් මෙම තරගයට එක්වීමයි. මෙම දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනා මෑත කාලයකදී එකම තරගාවලියක් සඳහා මුහුණට මුහුණ ලා තරග වදින පළමු අවස්ථාව මෙය වන බැවින් ලෝක ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානය මීට යොමුව තිබේ.
















