ඉන්දියානු ක්‍රිකට් ලෝකයේ සජීවී පුරාවෘත්තයක් වන සචින් තෙන්ඩුල්කාර් මහතා කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන ‘OpenAI’ ආයතනය සමඟ නිල හවුල්කාරීත්වයකට එළැඹ ඇති බව නිවේදනය කර තිබෙනවා. ‘ChatGPT’ තාක්ෂණය භාවිතයෙන් නව අවස්ථා ගවේෂණය කිරීමට සහ තමාගේ අත්දැකීම් ජනතාව සමඟ බෙදා ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි ඔහු X සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ. පවුලේ සංචාර සැලසුම් කිරීමේ සිට විවිධ එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට ChatGPT තාක්ෂණය තමාට විශාල වශයෙන් උපකාරී වී ඇති බව සචින් තෙන්ඩුල්කාර් සඳහන් කරන අතර, මෙම හවුල්කාරීත්වය හරහා ChatGPT තාක්ෂණයෙන් තවත් කළ හැකි දේ සොයා බැලීමටත්, මහජනතාවට අලුත් දෑ ගවේෂණය කිරීමට දිරිගැන්වීමටත් අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.















