• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජබය විශ්වාසභංගය ගෙනාවේ කතානායකධූරය හොබවන පුද්ගලයාට – මන්ත්‍රී තුෂාර ඉඳුනිල්

22 March 2024
in දේශීය, පුවත්
සජබය විශ්වාසභංගය ගෙනාවේ කතානායකධූරය හොබවන පුද්ගලයාට – මන්ත්‍රී තුෂාර ඉඳුනිල්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී නිවැරදි පුද්ගලයෙක් බවට පත්වූවත් ඔහු කතානායකධූරයට කොතරම් දුරට සාධාරණයක් ඉටු කර තිබෙනවාද , කතානායකධූරය කොතරම් දුරට කෙලෙසලා තිබෙනවාද කියා ඉදිරියේදී දැන ගැනීමට හැකි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (22) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එමෙන්ම විපක්ෂය විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ මහින්ද යාපා අබේවර්ධන මහතාට නොව කතානායකධූරය හොබවන පුද්ගලයාට බව මන්ත්‍රීවරයා මෙහිදී පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ‘‘කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරදින බව විපක්ෂය දන්නවා. විශාල මුදලක් වියදම් කරලා පරදින විශ්වාසභංග ගෙනල්ලා විපක්ෂය විසින් කාලය කා දමන බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ප්‍රකාශ කළා. ඵලක් නැති පරදින බව දැන දැනත් නිශ්ඵල කටයුත්තක් නිශ්ඵල විශ්වාසභංගයක් ඉදිරිපත් කළ බවත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු ප්‍රකාශ කළා. විපක්ෂය විසින් විශ්වාසභංගය ඉදිරිපත් කළේ මහින්ද යාපා අබේවර්ධනට නෙවෙයි. විපක්ෂය විසින් විශ්වාසභංගය ඉදිරිපත් කළේ වර්තමානයේ කතානායකධූරය හොබවන පුද්ගලයාට. රටේ සිටින සමස්ත ඡන්ද දායකයින්ගේ ඡන්දයෙන් තෝරාගත් නියෝජිතයින් සිටින නිසා තමයි පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා කියන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතා බලයෙන් තේරී පත්වූ නියෝජිතයින් පිරිසක්. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව උත්තරීතරයි කියලා කියන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයින් නෙවෙයි උත්තරීතර ජනතාවගේ බලය තමයි උත්තරීතර. ජනතාවගේ බලය ඒක රාශී වන උත්තරීතර ස්ථානයේ සිටින කතානායකවරයා සියලු දෙනාටම වඩා ඉහළින් තමයි සිටින්නේ. පාර්ලිමේන්තුවේ සිටින ප්‍රධානියා වෙන්නේ කතානායකවරයා. කතානායකවරයාට ආත්මගෞරවයක් , පෞරුෂයක් තිබිය යුතුයි. පාර්ලිමේන්තුව තුළ සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කරන්න කතානායකවරයාට කොන්දක් තිබිය යුතුයි. නමුත් වර්තමාන කතානායකවරයා පක්ෂග්‍රාහී ලෙස තමයි දිගින් දිගටම කටයුතු කළේ. කතානායකවරයා තමන්ගේ ආසනයේ සිටින විට ඔහුගේ අවදානය යොමු වන්නේ ආණ්ඩුපක්ෂය දෙසට පමණයි.

ව්‍යවස්ථාදායක සභාවේදී කතානායකවරයා ගත්ත තීන්දු තීරණ , ඔන්ලයින් පනත සම්බන්ධයෙන් කතානායකවරයා ගත්ත තීන්දු තීරණ , ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් තමයි කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කළේ. වැරදි පුර්වාදර්ශ සපයන කතානායකවරයෙකුට දිගින් දිගටම ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න ඉඩ සලසා දුන්නොත් ඊළඟට එන කතානායකවරුත් පෙර සිටි කතානායකවරයා මෙන් කටයුතු කරන්න පුලුවන්. එය වළක්වාගන්න තමයි විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ.

වර්තමාන කතානායකවරයා කතානායකවරුයෙකුට නොගැලපෙන ආකාරයේ කටයුතු සිදුකරමින් , කතානායකධූරය දේශපාලනීකරණය කරමින් හැසිරෙන කතානායකවරයෙක්. හිටපු කතානායක කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමකටවත් සහභාගි වුණේ නෑ. කිසිම උත්සවයකට සහභාගි වුණෙත් නෑ. ඔහු නිර්දේශපාලනීකරණය වෙලා තමයි කතානායකධූරයේ කටයුතු කළේ. ඒ වගේම හිටපු කතානායක චමල් රාජපක්ෂ කතානායකවරයා පක්ෂග්‍රාහි ලෙස කටයුතු කළේ නෑ.

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්ද ලැබුණේ 75 ක් ලැබුණා. විපක්‍ෂව ඡන්ද සංඛ්‍යාව 117 ක් ලැබුණා. ඒ ප්‍රතිඵලය විපක්ෂය කලින් දන්නවා. කතානායකවරයාගේ විශ්වාසභංග යෝජනාව පරාජය කිරිම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විසින් මාධ්‍ය හමු තියමින් , වොයිස් කට් ලබාදෙමින් උද්දාමයෙන් කතා කළ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු හිටියා. අත් දෙක උස්සලා පිළිගන්නවා විපක්ෂය ගෙනාපු විශ්වසාංභංගය පරාදයි කියලා. ඒ වගේම ආණඩු පක්ෂය දිනුම් කියලත් විපක්ෂයේ අපි පිළිගන්නවා. හැබැයි අපි සතුටු වෙන්නේ නෑ.

සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළියට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන අවස්ථාවෙත් ආණ්ඩු පක්ෂය විසින් කෙහෙළියයට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පරාජය කරලා කෙහෙළිය රඹුක්වැල්ලව සුරක්ෂිත කළා. කෙහෙළිය රඹුක්වැල්ලවට විපක්ෂය විසින් ගොනු කළ චෝදනා බොරු කියලා ආණ්ඩුව ප්‍රකාශ කළා. ඔහු ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්නුවේ නෑ කිව්වා. ඖෂධ ජාවාරම්වල නිරත වුණේ නෑ කියලා කිව්වා. ඔහු රෝගීන්ගේ මරණවලට සම්බන්ධ නෑ කිව්වා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන මහජන මුදල් අවභාවිතා කළේ නෑ කිව්වා. මේවැනි දේවල් කියමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු කෙහෙළිය රඹුක්වැල්ල කියන තමන්ගේ සගයව බේරා ගැනීමට කටයුතු කළා. විශ්වාසභංගයෙන් කෙහෙළිය රඹුක්වැල්ල දිනුවා. කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංගය ගෙනාපු සමගි ජනබලවේගය පැරදුණා. නමුත් රටේ උත්තරීතර අධිකරය විසින් තීන්දුවක් ලබාදුන්නා ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමට , ඖෂධ ජාවාරම්වලට , රෝගීන්ගේ මරණවලට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය සම්බන්ධයි කියලා. අද වනවිට කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැති බන්ධනාගාරගත කරලා තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයා සිදුකළ මූල්‍ය වංචා සහ ජිවිත අපරාධ වෙනුවෙන් ඔහු වන්දි ගෙවිය යුත්තේ යම් ආකාරයකටද කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයා නිර්දෝෂි කරමින් , ඔහුව නිදොස් කොට නිදහස් කරන්න පෙනී සිටි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ඒ පාපයට හවුල් වුණ නිසා ඔවුනුත් ඒ ආකාරයටම වැරදි කරුවන් ලෙස නම් වෙන්න ඕන.

කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයෙන් ජයග්‍රහනය කළා. ඔහු නිවැරදි පුද්ගලයෙක් බවට පත් වුණා. මහින්ද යාපා අබේවර්ධන කියන කාතානායකවරයා කතානායකධූරය වෙනුවෙන් කොතරම් සාධාරණයක් ඉටු කරලා තිබෙනවාද කතානායකධූරය කොතරම් ආකාරයට කෙලෙසලා තිබෙනවාද කතානායකධූරය කොතරම් දුරට අවභාවිතා කරලා තිබෙනවාද කියලා තව දින කිහිපයකින් තේරුම් යයි.

නමුත් කතානායකවරයාගේ නිල ඇඳුම අපට පේන්නේ බැටලුවෙකුට පොරවපු සිංහ හමක් වගේ. කතානායකවරයා කතානායකධූරය දරන අතර තුර වැලිගම ප්‍රාදේශිය සභාවේ සංවර්ධන කමිටුවේ සභාපතිධූරයත් හොබවනවා. හිටපු කතානායකවරු පක්ෂයේ වැඩ කටයුතු සඳහාවත් සහභාගි වුණේ නෑ. වර්තමාන කතානායක වැලිගම ප්‍රාදේශිය සභාවේ සංවර්ධන කමිටුවේ සභාපතිධූරයත් දරන ගමන් ආණ්ඩු පක්ෂයේ වැඩකටයුත් මෙහෙයවනවා. තනතුරුට නොගැලපෙන කටයුතු කිරිම සම්බන්ධයෙන් තමයි විපක්ෂය කතානායකවරයාට විරුද්ධව විරෝධිය පළ කළේ. කතානායකගේ දේශපාලන හෙන්චයියන් විසින් ඔහුව බලාගත්තා. ඒ බව කොතරම් දුරට සාර්ථක බේරාගැනිමක්ද කියලා කතානායකවරයාටම පස්සේ තේරුම් යයි.

අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයෙන් , යුරෝපා පාර්ලිමේන්තු සංගමයෙන් සොයාබලනවා ලංකාවේ පාර්ලිමේන්තුව පිළිබඳව. එහිදී ලංකාවේ කතානායකවරයාට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගය පිළිබඳවත් ඔවුන් සොයා බලනවා. විශ්වාසභංගයක් ගේන්න කතානායකට තිබෙන චෝදනා මොනවාද කියලත් ඔවුන් සොයාබලනවා. අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයෙන් , යුරෝපා පාර්ලිමේන්තු සංගමයෙන් හෑල්ලුවට ලක්වෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.

ලංකාවේ හිටපු අපකීර්තිමත්ම ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂට තනතුරු දාලා යන්න වුණා. එක් මන්ත්‍රීධුරයක් තිබුණ රනිල් වික්‍රමසිංහට රටේ ජනාධිපති වෙන්න පුලුවන් වුණා. රටේ කැබිනට් ඇමැතිවරයෙකුට පළවෙනි වතාවට හොරකම් කිරිමේ වරදට බන්ධනාගාරගත වෙන්න සිද්ධ වුණා. මෙවැනි වාර්තා ගත සිදුවීම් සිදුවෙද්දි ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය , යුරෝපා පාර්ලිමේන්තු සංගමය තුළ අපකීර්තියට පත්වීමත් වාර්තාගත සිදුවීමක් වෙයි.

88 89 කාලයේ ඉන්දු ලංකා ගිවිසුම ගේන අවස්ථාවේ කතානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිටි බවත් ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වෙන්න ඔහුට කොන්දක් තිබුණ බවත් එවැනි කතානායකවරයෙකුට තමයි විපක්ෂය අපහාස කරන්නේ කියලා ආණ්ඩු පක්ෂයේ පිරිස ප්‍රසස්ථි ගීත ගායනවා කළා. ඒ වෙද්දි දකුණේ දැඩි භිෂණයක් තිබුණා. ඉන්දියානු විරෝධයක් තිබුණා. ඉන්දියානු විරෝධයට එරෙහිවන පිරිස ඝාතනය කරන රැල්ලක් නිර්මාණය වුණා. කතානායකවරයා ඉන්දියානු විරෝධය හරහා තමන්ට ලැබෙන තිබෙන දඩුවම් වලට බයේ ඒ වෙලාවේ පාර්ලිමේන්තුවෙන් අස්වුණේ. ඒ තමයි කතානායක මහින්ද යාපා අබේවර්ධනට කොන්දක් නැති බව ප්‍රකාශ වුණ පළමු අවස්ථාව. 88 89 කාලයේ ඉන්දු ලංකා ගිවිසුමට තිබුණ විරෝධයට බයේ පලා ගිය මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා චමල් රාජපක්ෂ හිටපු කාතානායකවරයාටත් වඩා අන්තගාමි පක්ෂග්‍රාහි කතානායකවරයෙක් වීම ඔහුගේ දේශපාලන චරිතාපදානය තුළ කළ පැල්ලමක් ඇති කරයි. ඒ වගකීම විපක්ෂයට භාර ගන්න බෑ. විශ්‍රාම යන්න ඉන්න කතානායකවරයා දැන්වත් කරුණු කාරණා සැලකිල්ලට අරගෙන සාධාරණ කතානායකවරයෙක් ලෙස කටයුතු කළ යුතුයි යැයි මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9,661
Previous Post

තල් හා කිතුල් රා ආශ්‍රිත නිෂ්පාදන සඳහා දැනට පවතින නීති ලිහිල් කිරීමට අවධානය

Next Post

කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුටම ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමි විය යුතුයි – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුටම ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමි විය යුතුයි – ජනපති

කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුටම ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමි විය යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved