රජය ඒකාධිපතිත්වයේ ගමන් මාර්ගයක ගමන් කරමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය කරා රට ගෙන යමින් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර නව නගරයේ පැවැති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
මේ වන විට රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක් බවත්, පුරවැසි සහභාගීත්වය අඩු කිරීමේ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩ අහුරමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. යෞවන සමාජ නිලවරණ, සිවිල් ආරක්ෂක කමිටු මෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් විනාශ කරමින් තනි මතයට කටයුතු කිරීමට රජය පියවර ගෙන ඇති බවත්, ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇත්තේ සදාකාලිකවම තනි පක්ෂයක් රට පාලනය කිරීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.















