• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

PayPal මුදල් සෘජුවම ලංකාවට ගැනීමට සම්පත් බැංකුවෙන් විශේෂ පහසුකමක්

27 May 2026
in දේශීය, පුවත්
PayPal මුදල් සෘජුවම ලංකාවට ගැනීමට  සම්පත් බැංකුවෙන්  විශේෂ පහසුකමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ස්වාධීන වෘත්තිකයන් (Freelancers), ව්‍යවසායකයන් සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ නියුතු වූවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවකට ස්ථිර විසඳුම් ලබාදෙමින්, PayPal ගිණුම්වල ඇති මුදල් සෘජුවම මෙරට බැංකු ගිණුමකට ලබාගැනීමේ (Withdrawal) විශේෂ ඒකාබද්ධ සේවාවක් ‘සම්පත් විශ්ව’ (Sampath Vishwa) ඩිජිටල් බැංකු පද්ධතිය හරහා හඳුන්වා දීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ. ලංකාවේ බැංකුවක් විසින් PayPal සමඟ සෘජුවම මෙවැනි සේවාවක් ඒකාබද්ධ කළ පළමු අවස්ථාව මෙය වේ.
මේ සම්බන්ධයෙන් වූ නිල ගිවිසුම් අත්සන් කිරීම PayPal ආයතනයේ උප සභාපති සහ සාමාන්‍යාධිකාරී අමීර් වල්ලියානි (Amir Valliani) සහ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සංජය ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
මෙම නවතම තාක්ෂණික සේවාව ඔස්සේ පරිශීලකයන්ට තම PayPal ගිණුම ‘Sampath Vishwa Mobile App’ එක සමඟ ආරක්ෂිතව සම්බන්ධ කර (Link), එහි ඇති උපයන මුදල් සෘජුවම සම්පත් බැංකු ගිණුම වෙත ශ්‍රී ලංකා රුපියල් (LKR) හෝ ඇමරිකානු ඩොලර් (USD) මඟින් ක්ෂණිකව ලබාගැනීමේ හැකියාව උදාවේ. එමෙන්ම මෙතෙක් PayPal ගිණුමක් නොමැති අයෙකුට වුවද මෙම පද්ධතිය හරහාම ඉතා පහසුවෙන් නව ගිණුමක් ආරම්භ කිරීමට ද අවස්ථාව සලසා ඇත.
මෙහිදී අදහස් දක්වමින් සම්පත් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සංජය ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඩිජිටල් තාක්ෂණයේ පවතින බාධාවන් හේතුවෙන් ලාංකීය දක්ෂයන්ට ගෝලීය ආර්ථිකයට දායක වීමට ඇති අවස්ථා අහිමි නොවිය යුතු බවයි. මෙමඟින් මෙරට ඩිජිටල් ව්‍යවසායකත්වය ශක්තිමත් වන අතරම රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය ගලා ඒම ද වේගවත් වනු ඇතැයි හෙතෙම පැවසීය. PayPal උප සභාපති අමීර් වල්ලියානි මහතා ද කියා සිටියේ, ලංකාවේ ශ්‍රීඝ්‍රයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයට සහ දක්ෂ තරුණ ප්‍රජාවට ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ විශ්වාසදායක ලෙස ගනුදෙනු කිරීමට මෙමඟින් මනා පිටුවහලක් ලැබෙනු ඇති බවයි.
ජාත්‍යන්තර මූල්‍ය රෙගුලාසි සහ ඉහළම ආරක්ෂිත ක්‍රමවේදයන්ට (Compliance and Security) අනුකූලව දීර්ඝ කාලීන අධ්‍යයනයකින් පසුව හඳුන්වා දුන් මෙම සේවාව, ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (SMEs), අන්තර්ජාල අලෙවිකරුවන්ට (Online Sellers) සහ විදේශීය සේවාවන් සපයන අපනයනකරුවන්ට තම ව්‍යාපාර දේශසීමාවන්ගෙන් ඔබ්බට රැගෙන යාමට ලැබුණු සුවිශේෂී ජයග්‍රහණයකි.
Post Views: 0
Previous Post

තායිලන්ත මත්ද්‍රව්‍ය ජාලයේ චීවරධාරීන් 23කගේ නඩුව මාර්ගගතව කැඳවයි

Next Post

Haute Grandeur 2026 ජාත්‍යන්තර සම්මාන උළෙලේදී හිල්ටන් කොළඹ හෝටලයට විශිෂ්ට ගෝලීය ඇගයීමක්

Editor TTV News

Editor TTV News

Next Post
Haute Grandeur 2026 ජාත්‍යන්තර සම්මාන උළෙලේදී  හිල්ටන් කොළඹ හෝටලයට  විශිෂ්ට ගෝලීය ඇගයීමක්

Haute Grandeur 2026 ජාත්‍යන්තර සම්මාන උළෙලේදී හිල්ටන් කොළඹ හෝටලයට විශිෂ්ට ගෝලීය ඇගයීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

හොරණ රාජ්‍ය බැංකුවේ රු. කෝටි 3.5 කොල්ලය සහකාර කළමනාකරුගේ සහ ආරක්ෂක නිලධාරියාගේ ‘රංගනයක්

5 June 2026
පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ වගකීම රජය භාරගන්නවා අගමැතිනි හරිනි අමරසූරිය

5 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved