• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම ආයතනික කාබන් පිය සටහන අවම කිරීමේ සැලසුමක්

20 June 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සංවර්ධන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් 2030 වර්ෂය වන විට පරිසරයට කාබන් මුදා හැරීම අවම කිරීමේ අභිලාෂය පෙරදැරි කොටගෙන කාබන් පියසටහන් අවම කිරීම සඳහා මුල පුරා ඇත.

සෑම වසරකම ජුනි 05 වෙනිදාට යෙදෙන ලෝක පරිසර දිනය සනිටුහන් කරමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවට ඔවුන් නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත ග්‍රාමීය ආර්ථිකයන් සහ බිම් මට්ටමේ ව්‍යවසායකයන් නඟා සිටුවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන මෙරට පැරණිතම හා අඛණ්ඩතම සමාජ ව්‍යාපාරය වන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය විසින් මෙම සමාගම පිහිටුවන ලද බැවින් තිරසාරභාවය සහ පාරිසරික වගකීම සමාගමේ මෙහෙයුම් හි හරය වේ.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්හි ප්‍රධාන විධායක නිළදාරි නිලන්ත ජයනෙත්ති මහතා මෙම කාබන් මුදා හැරීම අවම කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධව මෙලෙස අදහස් දක්වන ලදී. “ 2030 වසර වන විට අපගේ තිරසාර මූල්‍යකරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා තිරසාර මාර්ගෝපදේශ අනුව කටයුතු කරනවා. අපගේ ඉදිරි ගමන් මග අනුව පරිසරයට සහ ප්‍රජාවට සිදුවන යහපත් බලපෑම පිළිබඳව වගකීම, ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සියළුම පුද්ගලයන්ට සහ ව්‍යාපාර වලට ද පැවරී තිබෙන බව අප විශ්වාස කරනවා. එහි ප්‍රතිඵයක් වශයෙන් අපගේ තිරසාර මාර්ගෝපදේශ රාමුව මඟින් මෙහෙයවනු ලබන කාබන් අවම ව්‍යවසායක් ලෙස නැඟී සිටීම අවසන් ඉලක්කය කොට ගෙන විවිධ මුලපිරීම් රැසක් සමඟින් අපගේ කාබන් පියසටහන් අවම කිරීමේ සැලසුම ක්‍රියාත්මක කෙරෙනවා. ඒලෙසම අපගේ ප්‍රජාව සම්බන්දයෙන්ද සැලකිලිමත්ව කටයුතු කරන අතර අධ්‍යාපනය, සෞඛ්‍ය, ව්‍යවසායකත්වය, සමාජ සුබසාධනය, විශේෂ අවස්ථා ඇති පුද්ගලයින් සහ කාන්තාවන්ගේ අවශ්‍යතා ආවරණය කරමින් සමාජ සහයෝගය සහ සංවර්ධනය වෙනුවෙන් මුල පිරීම් රාශියක් සිදු කොට තිබෙනවා. මේ අනුව අපි 2022 ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් සියළුදෙනාම වෙනුවෙන් අපගේ වගකීම් සහ යුතුකම් කොටස ඉටු කිරීමේ අධිෂ්ඨානය තවත් අලුත් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.”

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් විසින් පසුගිය වසර තුල සිදුකරන ලද වඩාත් වැදගත්ම පාරිසරික ව්‍යාපෘතිය වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලය, පරිසර අමාත්‍යංශය, කොළඹ විශ්ව විද්‍යාලීය උපාධිදාරී සංගමය සහ ස්වර්ණවාහිනිය සමඟ එක්ව සිදුකල රුක් රෝපණ ව්‍යාපෘතිය සඳහන් කල හැකිය. ඒ අනුව මී පැළ 50,000 සිටුවීම සඳහා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් අනුග්‍රහය ලබා දුන් අතර, හම්බන්තොට ප්‍රදේශයේ රුක් රෝපණ වැඩසටහනකින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. එලෙස ගස් 1,000 ක් අම්පාර ප්‍රදේශයේද රෝපණය කරන ලද අතර සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් අනුග්‍රගයෙන් සර්වෝදය බණ්ඩාරගම මධ්‍යස්ථානයේද උත්සවයක් පැවැතිවුණි. මෙම සෑම රුක් රෝපණ වැඩසහනකටම පෙර පාරිසරික වගකීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීම සඳහා කෙටි සම්මන්ත්‍රණ පවත්වනු ලබයි. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් කොළඹ විශ්ව විද්‍යාලය සමඟින් එක්ව සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වනු ලබන ගණිත සම්මන්ත්‍රණ වලින් අනතුරුව සහභාගීවූ සෑම අයෙකුටම මී පැළයක් තිළිණ කරයි. මේ වනවිට මෙම සම්මන්ත්‍රණ මාලාව අම්පාර ඩී.එස්. සේනානායක ජාතික විද්‍යාලයේ, අම්පාර උහන මහ විද්‍යාලයේ මෙන්ම පසුගියදා කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලයේද පැවැත්වුණි. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම මෙලෙස තිරසාර ව්‍යාපාරික අකෘතින් ප්‍රවර්ධනය කරමින් හරිත ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීම සඳහා කැපවී සිටී. වි‌ශේෂයෙන්ම තිරසාර මූල්‍යකරණය හරහා පරිසර හිතකාමී ව්‍යාපාර එනම් සූර්ය පැනල, ආර්ථික පුනර්ජීවනය උදෙසා අත්‍යාවශ්‍ය කෘෂිකාර්මික ව්‍යාපාර සදහා සහය දක්වයි. ඒ අනුව සිය කාර්යාල තුල සූර්ය බලශක්තිය භාවිතා කරමින් සහ සිය පාරිභෝගිකයන්හටද තිරසාර සංකල්ප ප්‍රවර්ධනය සදහා ද මූලිකත්වය ලබා දෙයි.

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම හරිත ශාඛා කරා ගමන් කිරීමේ පුළුල් ප්‍රයත්නයේ සමාරම්භක පියවරක් ලෙස 2019 දී කොළඹ 08 පිහිටි ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ සූර්ය පැනල පද්ධති ස්ථාපනය කරමින් පුනර්ජනනීය බලශක්ති ආයෝජනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රථම පියවර සනිටුහන් කළේය. ඒ අනුව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ මාසික විදුලි අවශ්‍යතාවයෙන් 35% ක් සූර්ය පැනල මඟින් සපුරා ගනී. එමෙන්ම කඩදාසි භාවිතයෙන් තොර වීමද සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්හි හරිත ශාඛා සංකල්පයේ තවත් වැදගත් සංධිස්ථානයකි. ප්‍රධාන වශයෙන් ඔවුන් ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් කාර්යාලීය කටයුතු සිදුකරන අතර එමඟින් ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය වැඩි කිරීමට සමාගම බලාපොරොත්තු වේ. මේ සම්බන්ධයෙන් ගත් උත්සහයන් මෑත කාලීනව විශිෂ්ඨ ප්‍රතිඵල ලබා දී ඇති අතර සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස්හි කඩදාසි පරිභෝජනය පසුගිය වසර 3ක් තුල අඛණ්ඩව වසරින් වසර අවම මට්ටමකට පැමිණ ඇත. ඔවුන්ගේ දෛනික ක්‍රියාවලියේදී ප්‍රායෝගිකව, කඩදාසි භාවිතය අවම කිරීමට සහ නැවත භාවිතා කිරීමට සේවකයන් දිරිමත් කරනු ලබයි. එසේම කඩදාසි, අපද්‍රව්‍ය වගකීමෙන් නිසිලෙස බැහැර කිරීම සහතික කිරීම සදහා මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) අනුමත ප්‍රතිචක්‍රීකරණ හවුල්කරුවෙකු සමඟද අත්වැල් බැදගනිමින් කටයුතු කරයි.

පිටපත – PR

 

Post Views: 20
Previous Post

IMF නියෝජිතයින් අගමැති අතර සාකච්ඡා අරඹයි

Next Post

ගර්භනී මව්වරුන් 2400 ක් සදහා රුපියල් 15000 වටිනා වවුචර්පත් බෙදා දෙයි

editor

editor

Next Post

ගර්භනී මව්වරුන් 2400 ක් සදහා රුපියල් 15000 වටිනා වවුචර්පත් බෙදා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved