ග්‍රාමීය පාසල් ක්‍රීඩා සංවර්ධනය සහ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවිබල ගැන්වීමේ අරමුණින්, සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) විසින් මො/කරමැටිය කනිෂ්ඨ විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායම වෙත ක්‍රීඩා උපකරණ සහ නිල ඇඳුම් පරිත්‍යාග කර තිබේ.
SDF හි ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් ලෙස 2026 අගෝස්තු 03 වැනි දින මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී පාසලේ වොලිබෝල් කණ්ඩායම සඳහා වොලිබෝල් නිල ඇඳුම්, ක්‍රීඩා සපත්තු, පන්දු සහ පුහුණුවීම් සඳහා අවශ්‍ය අනෙකුත් ක්‍රීඩා උපකරණ ලබා දී ඇත. ග්‍රාමීය දරුවන්ගේ ශාරීරික සෞඛ්‍යය මෙන්ම කණ්ඩායම් හැඟීම, නායකත්වය සහ විනය වර්ධනය කරමින් ඔවුන්ගේ පෞරුෂ සංවර්ධනයට රුකුලක් වීම මෙමඟින් අපේක්ෂා කෙරේ.












