• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ටිපර් රථයකින් පොලිස් නිලධාරින් තිදෙනෙකු යට කල පලාගිය රියදුරා සොයා මෙහෙයුම්

14 July 2020
in දේශීය

හක්මන, කිරින්ද නගරයේ වාහන පරික්ෂා කිරීමේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරින් තිදෙනෙකු ටිපර් රථයකින් යටකිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (12) රාත්‍රි 11.00ට පමණ හක්මන, කිරින්ද ප්‍රදේශයේදී වාහන පරික්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් මාතර සිට හකමන දෙසට ධාවනය වූ ටිපර් රථයක් නැවත්වීමට සංඥා කර තිබේ.

ටිපර් රථය නොනවත්වා ධාවනය කිරිම හෙතුවෙන් එම අවසථාවේ හක්මන දෙසට ඉදිරියෙන් ඇති මාර්ග බාධකයෙන් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ඔවුන් ටිපර් රථය ලුහුබැද තිබේ.

මාතර හක්මන මාර්ගයේ කෝංලල 13 කණුව මාර්ග බාධකයන් රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් එම ටිපර් රථය නවතා පරික්ෂා කරන අවස්ථාවේදී ඉහත නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ තිබේ.

පොලිස් නිලධාරීන් විසින් ටිපර් රථයේ රියදුරුට අන්තරාදායක ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කර රියදුරුට අවවද කර මුදා හැර තිබේ.

අනතුරුව හකමන දෙසට ධාවනය කළ ටිපර් රථය විනාඩි 10කට පමණ පසුව මාතර දෙසට නැවත පැමිණ මාර්ග බාධකය අසළ රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් යටකර පළාගොස් ඇත.

මෙම සිදුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙක් මියගොස් ඇති අතර පොලිස් සැරයන්වරු දෙදෙනෙනක් බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.

මියගොස් ඇත්තේ වලස්මුල්ල පදිංචි අවුරුදු 36ක් වන හක්මන පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස පළාගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට හක්මන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Post Views: 6
Previous Post

රාජාංගනයේ තැපැල් ජන්දය ගැන මැකොස කියන කතාව

Next Post

අනවශ්‍ය ලෙස කලබලකාරි නොවන්න – DMT

editor

editor

Next Post

අනවශ්‍ය ලෙස කලබලකාරි නොවන්න - DMT

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved