27 April 2024
#දේශීය

රාජාංගනයේ තැපැල් ජන්දය ගැන මැකොස කියන කතාව

රාජාංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය කල්දැමීමට  සිදුවූයේ රාජාංගනයේ රජයේ කාර්යාලය නිරෝධායනයට යටත්කොට තිබීම හේතුවෙන් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇත.

ඔහු මේ බව පැවසුවේ අද (13) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එමෙන්ම, ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිරෝධායන කටයුතු අධීක්ෂණය කිරීමටත් එම ජනතාවට සේවය සැපයීමටත් සිදුව ඇති හෙයින් ඔවුන්ගේ තැපැල් ඡන්ද භාවිතය කළමනාකරණය කිරීමට සිදුවූ බවද මැතිවරණ කොමිසමේ සභාපති  ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, දින 14 නිරෝධායන කටයුතු අවසන්කළ වහාම නැවතත් තැපැල් ඡන්දය විමසීමේ කටයුතු ආරම්භ කරන බවත් ඔහු පැවසීය.

ඡන්දයේ දී අනුගමනය කළයුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳ මාර්ගෝපදේශන නොපමාව ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන ලෙසට නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොකළහොත් මැතිවරණය පැවැත්වීම ඉතා අසීරුවන බවත් ඔහු අවදාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *