26 July 2024
#ක්‍රීඩා

මැච් එක බලන්න 32,000 ක් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, අද (14) රාත්‍රි 07 ට කොළඹ – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. ඒ සඳහා මේ වන විට ප්‍රවේශ පත්‍ර 32,000 ක් විකිණි ඇති බව වාර්තා වේ.

සවස 4 වන විට ප්‍රේක්ෂකයින් 28,000 ක් පමණ පැමිණ ඇති බවත් ශ්‍රී ලංකාවට සහාය දක්වන ශ්‍රී ලංකීක ප්‍රේක්ෂකයින් මේ වන විට පිටියට පැමිණෙමින් සිටි.

කෙසේ වෙතත් මීට පෙර පැවැති තරගයේ ජය ලබා ගැනීමත් සමඟ ශ්‍රී ලාංකීක ප්‍රේක්ෂකයින් තුළ උද්‍යෝගයක් හට ගෙන ඇත.

අයි.සී.සී. තරඟ තහනමකට ලක්ව සිටි දිනේෂ් චන්දිමාල් අද තරඟයේදී නැවතත් ශ්‍රී ලංකා පිළට එක්වීමට නියමිතයි.

කෙසේ නමුත්, අවසන් එක්දින තරඟ දෙකේදී ලද ජයග්‍රහණ තුළින් ශ්‍රී ලංකා පිළ මෙම තරඟය ජය ගැනීම සඳහා දැඩි උද්යෝගයකින් කටයුතු කරනු ඇති බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *