සේරුවිල පුදබිමේ වාහන නැවතුම් අංගනයක බස් රථයක් තුළදී පාසල් සිසුවියක සමූහ අතවරයට ලක්කළ සැකකරුවන් පස්දෙනා පෙරේදා (06) අත්අඩංගුවට ගැනීමට සේරුනුවර පොලිසිය සමත්ව තිබේ. පෙරහැර විශේෂ රාජකාරියේ යෙදී සිටියදී ලද තොරතුරක් මත මූතූර් පොලිසියට අනියුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනකු වහා ක්‍රියාත්මක වී සිසුවිය බේරාගෙන ඇති අතර, ඒ වන විටත් තරුණයන් තිදෙනකු විසින් ඇයට අතවර කර තිබුණි.
දුරකථනයෙන් ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක් මත තරුණයකු විසින් සිසුවිය රවටා පෙරහැර බැලීමට පැමිණෙන ලෙස දැනුම්දී මෙම අපරාධය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, ප්‍රධාන සැකකරුවන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන් ඇතුළු පස්දෙනා සිසුවිය ලබාදුන් තොරතුරු ඔස්සේ අත්අඩංගුවට ගෙන ඇත. අතවරයට ලක් වූ සිසුවිය ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් මුතූර් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














