රැඳවුම්භාරයේ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික් සතුව ස්විට්සර්ලන්තය, ඉතාලිය සහ ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල හෝටල් හා වාහන ඇතුළු දැවැන්ත දේපළ ජාලයක් පවතින බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අනාවරණය කරගෙන තිබේ.අපරාධ පරීක්ෂණ හමුවේ හෙළි වී ඇති අන්දමට, සැකකරු අදාළ විදේශ රටවලට පෞද්ගලිකව සංචාරය කරමින් මෙම ජාවාරම් සහ ව්‍යාපාරික කටයුතු සූක්ෂම ලෙස මෙහෙයවා ඇති අතර, ඩුබායි හි රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජිප් රථයක් ද ඔහු සතුව පවතියි. මීට අමතරව, කොළඹ මුහුදු මාවතේ පිහිටි හෝටල් කිහිපයක් සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ දුරකථන අලෙවිසැල් ඇතුළු මෙරට සංචිත දේපළ රැසක් පිළිබඳව ද පසුගිය දිනවල පුළුල් තොරතුරු අනාවරණය වී තිබිණි. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් සමඟ සම්බන්ධතා පවත්වමින් නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද ධනයෙන් විදේශයන්හි ගොඩනඟා ඇති මෙම වත්කම් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග සහ මූල්‍ය විමර්ශන පුළුල් කිරීමට අදාළ අංශ කටයුතු කරමින් සිටියි.
















