ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තුකරුවෙකු වන **ශිරාන් බාසික්** (48) ඇතුළු තවත් පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අද (14) රාත්‍රියේ දිවයිනට රැගෙනවිත් තිබේ.
අබුඩාබි නුවර සිට පැමිණි Air Arabia ගුවන් සේවයේ G9-708 දරන ගුවන් යානයෙන් රාත්‍රී 08:48ට පමණ ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වී ඇත. දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ශිරාන් බාසික්, 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් ඇති අතර, පසුගිය මැයි 26 වන දින ඩුබායි පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීමට භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල දර්ශන ජංගම දුරකථනයේ තබාගැනීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට පත්ව තිබූ අතර, අමෙරිකාව විසින් ද ඔහුව භාරදෙන ලෙස ඉල්ලීමක් කර තිබිණි. ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සපයන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් අයෙකු ලෙස සැලකෙන මොහු, ඩුබායිහි ධන කුවේරයෙකු ලෙස සැඟවී ජීවත් වී ඇත.
කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන යාමට නියමිතය.














