සිංගප්පූරුවේ iJooz වෙළඳ යන්ත්‍රයක තිබූ ස්ට්‍රෝ එකක් ලෙළවා (ලෙළවමින්) එය නැවත යන්ත්‍රයටම ඇතුළත් කර වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීම හේතුවෙන් ප්‍රංශ ජාතික 19 හැවිරිදි තරුණයෙකුට සිංගප්පූරු ඩොලර් 600ක (ඇමරිකානු ඩොලර් 465ක) දඩයක් නියම කර තිබේ.
ඩයිඩියර් ගෑස්පාඩ් ඕවන් මැක්සිමිලියන් (Didier Gaspard Owen Maximilien) නමැති මෙම තරුණයා, මාර්තු 12 වැනි දින ගෝල්ඩ්හිල් මධ්‍යස්ථානයේදී මෙම කටයුුත්ත සිදු කර ඇති අතර, එය ඉන්ස්ටග්‍රෑම් හි පළ කිරීමෙන් පසු වීඩියෝව වෛරල් වී ඇත. මහජන පීඩාකාරී හැසිරීම සම්බන්ධයෙන් ඔහු වරද පිළිගත් අතර, නීතිඥවරයා සඳහන් කළේ ඔහු තම ක්‍රියාව පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර ඇති බවයි. ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් අත්හිටවූ සිරදඬුවමකට වඩා දඩ මුදලක් ගෙවීම සුදුසු බව අධිකරණය තීන්දු කළේය.














