සිංගප්පූරු ජනාධිපති තර්මන් ශන්මුගරත්නම් මහතාගේ මැලේසියානු නිල සංචාරය අතරතුර දෙරට අතර පවතින ශක්තිමත් ආර්ථික සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබේ.
මැලේසියාවේ සුල්තාන් ඉබ්‍රාහිම් සුල්තාන් ඉස්කන්දර් රජු හමුවූ අවස්ථාවේදී අදහස් දක්වමින් සිංගප්පූරු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ‘ජොහෝර්–සිංගප්පූරු විශේෂ ආර්ථික කලාපය’ (Johor-Singapore SEZ) සහ ‘ජොහෝර් බාරු–සිංගප්පූරු වේගවත් දුම්රිය සම්බන්ධතාව’ (RTS Link) දෙරටේ ආර්ථික සංවර්ධනය වේගවත් කරන ප්‍රධානතම ව්‍යාපෘති වන බවයි. මෙමඟින් සංචාරක, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රගතියක් මෙන්ම දෙරටේ ජනතාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය. අතීතයේ යම් යම් මතභේද පැවතිය ද, නව සහයෝගීතා අවස්ථා ගොඩනඟා ගනිමින් සිංගප්පූරුව සහ මැලේසියාව පවත්වාගෙන යන මිත්‍රත්වය ලොව අනෙකුත් රටවලට ද කදිම ආදර්ශයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.















