විනෝදාස්වාදය සඳහා ස්මාර්ට් දුරකතන භාවිතයට අධික ලෙස ඇබ්බැහි වන පුද්ගලයන් ක්‍රමයෙන් මත්ද්‍රව්‍ය භාවිතයටද පෙළඹෙන බව ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා පවසයි. “රටම එකට” ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කර ඇත.
විද්‍යුත් තිරයන් නිරන්තරයෙන් භාවිත කිරීමෙන් මොළයේ ඩොපමීන් රසායනය අසාමාන්‍ය ලෙස ස්‍රාවය වන අතර, එය මත්ද්‍රව්‍ය භාවිතයේදී සිදුවන ක්‍රියාවලියට සමාන බවත් එය ශරීරයට අහිතකර බවත් ඔහු පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම පාසල් යන දරුවන්ට ස්මාර්ට් දුරකතන භාවිතයේදී විනයක් ඇති කර දීමට සහ ඔවුන්ට යහපත් ගෘහස්ථ පරිසරයක් ගොඩනැගීමට දෙමාපියන් කටයුතු කළ යුතු බව වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.














