• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රීඩා පුහුණුවීම් ආරම්භ කිරිම සම්බන්ධ පිළීබඳ විශේෂ අවධානය

27 August 2020
in ක්‍රීඩා

ක්‍රීඩා තරඟ සදහා සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශණ මාලාවක් සතියක් ඇතුලත ලබාදීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොරෝනා වෛසරය ව්‍යාප්ත වීමත් සමඟ පාසල් ක්‍රිඩා නතර කල අතර අතර එය ඉදිරි කාලසීමාව තුල නැවතත් නගා සිටුවීමට ගත යුතු ඉදිරි පියවර සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පුහුණුවීම් සහ තරඟාවලි පැවැත්වීම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය දැඩි බලපෑමකට ලක් වූ බවත්, පාසල් ක්‍රීඩාව නැවත නැංවීම, අන්තර් පාසල් ක්‍රීඩා තරඟාවලි පැවැත්වීම, සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රීඩා උපකරණ භාවිතය සහ ඉදිරි කාල සීමාව තුල මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නැංවීම සදහා අනුගමනය කළ යුතු සාධක පිළිබද සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවැසීය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පෙන්වා දෙන ලද්දේ නිරෝධායන නීතීරිති වලට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට අනුව සියළු කටයුතු සිදු විය යුතු බවත්, කිසිදු හේතුවක් මත නොයෙකුත් ආසාත්මිකතා සහ සංකූලතා ඇති පාසල් ළමුන් ඇතුලු ක්‍රීඩකයින් ක්‍රිඩාව සදහා යොදා නොගැනීමට කටයුතු කළ යුතු බවයි. ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ද සාකච්ඡා කොට චක්‍ර ලේඛයක් නිකුත් කිරීමේ වැදගත්කම පිළිබදව ද මෙහිදී අවධානය යොමු විය. අවසර ලබාදිය හැකි ක්‍රීඩා තරඟ ඇතුලු පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශණ මාලාවක් ඉදිරි සතියක කාලසීමාව ඇතුලත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිළියෙළ කොට ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීමටත් මෙහිදී තීරණය කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීදරන් මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විඡේකෝන් මහතා, අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිංහ මහතා ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින් එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

පළමු ශ්‍රේණියේ සිසුන්ගේ නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

Next Post

ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගමේ ප්‍රගති සමාලෝචනය රාජ්‍ය ඇමැති ඉන්දික ප්‍රධානත්වයෙන් පැවැත්වේ

editor

editor

Next Post

ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගමේ ප්‍රගති සමාලෝචනය රාජ්‍ය ඇමැති ඉන්දික ප්‍රධානත්වයෙන් පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved