වයස අවුරුදු 15ත් 24ත් අතර පුද්ගලයින් 107 දෙනෙකු පසුගිය වසරේ ඒඩ්ස් රෝගයට ගොදුරුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. මේ අතර පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණය යටතේ ඒඩ්ස් රෝග පරීක්ෂණ සඳහා වැයවන මුදල්ද ආවරණය කිරීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් මඟින් පළාත් අධ්‍යාපන බලධාරීන්, පරිවේනාධිපතිවරුන්, රජයේ පාසල්වල විදුහල්පතිවරුන් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව අදාළ පරීක්ෂණ සඳහා වැයවන වියදම් රක්ෂණාවරණය යටතේ ලබාගැනීමට සිසුන්ට අවස්ථාව සැලසී තිබේ.
ඒඩ්ස් පරීක්ෂණ වියදම්වලට අමතරව ඔස්ටියෝපොරෝසිස්, හෙපටයිටිස්, සමේ පිළිකා සහ අනෙකුත් පිළිකා රෝග සඳහා ප්‍රතිකාර හා ඒ ආශ්රිත පරීක්ෂණ සඳහා වැයවන වියදම්ද නව චක්‍රලේඛය යටතේ ආවරණය වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
















