2026 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
පාසල් අයදුම්කරුවන්ගේ ප්රවේශපත්ර විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්රවේශපත්ර අයදුම්පතේ සඳහන් ලිපිනයටත් තැපැල් මගින් යැවීමට නියමිතයි. ඊට අමතරව, ප්රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 7කට පෙර සිට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ප්රවේශපත්ර බාගත කරගත හැකියි.
විමසීම් සඳහා 1911 හදිසි දුරකථන අංකය හෝ 0112785922, 0112784537, 0112786616 සහ 0112784208 යන අංක අමතන්න. විද්යුත් තැපෑල: [email protected]













