සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා එල්ල වී තිබියදී මෙරටින් පලා ගොස් සිටි සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයන් සහ වෙනත් සැකකරුවන් 66 දෙනෙක් වර්තමාන රජය බලයට පත්වූ 2024 සැප්තැම්බර් 21 දා සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙනවා.
මෙම සැකකරුවන් ඇතුළුව සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා ලැබූ සැකකරුවන්ට අදාළ විමර්ශන 113 කට සම්බන්ධ රුපියල් මිලියන 6000ක දේපළ තහනම් කිරීමටද මෙම කාලය තුළ කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතුරින් සැකකරුවන් 102 කට අයත්ව තිබූ රුපියල් මිලියන 5423ක දේපළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වන අතර, පුද්ගලයන් තිදෙනෙකුට අයත් රුපියල් මිලියන 209ක් සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපළ බවටයි තහවුරු කරගෙන ඇත්තේ. මීට අමතරව, පිරමීඩ වංචා, ළමා අපයෝජන සහ පුපුරණ ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ 8 දෙනෙකුගේ රුපියල් මිලියන 367ක දේපළද මේ අතර වනවා.














