ඇමෙරිකා එක්සත් ජනපදය සහ වෙනිසියුලාව අතර අත්සන් තබන ලද “ලෝක ඉතිහාසයේ විශාලතම තෙල් ගිවිසුම මගින් වෙනිසියුලා රාජ්‍ය භාණ්ඩාගාරයට බදු ආදායම් ලෙස ඩොලර් බිලියන 209 කට අධික මුදලක් හිමිවන බව වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගෙස් ප්‍රකාශ කරයි.
WION News සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ගිවිසුම යටතේ වෙනිසියුලාවේ තෙල් බැරල් බිලියන 65 ක සංචිත සහිත උපායමාර්ගික කලාප 17 ක් සංවර්ධනය කිරීමට නියමිත අතර, ඒ සඳහා ඩොලර් බිලියන 100 කට අධික විදේශීය ආයෝජන රට තුළට ගලා එනු ඇත. මධ්‍යම පෙරදිග හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදය හමුවේ ලෝක තෙල් සැපයුමට එල්ල වී ඇති බලපෑම අවම කරගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ පරිපාලනය මෙම පියවර ගෙන තිබේ.
මෙම ගිවිසුම මගින් අක්‍රිය වී තිබූ වෙනිසියුලානු ඛනිජ තෙල් යටිතල පහසුකම් නැවත ගොඩනැගීමටත්, නව රැකියා උත්පාදනය කරමින් රට දැඩි ආර්ථික අර්බුදයෙන් මුදාගෙන අලුත් පුනරුද යුගයකට ගෙන යාමට හැකිවන බවත් අන්තර්වාර ජනාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කරයි.














