බුත්තල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේදී අද (24) උදෑසන ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
වැල්ලවාය සිට මොනරාගල දක්වා ධාවනය වූ ලංගම බස් රථය මහගොඩයාය ප්‍රදේශයේදී මගීන් බැස්වීම සඳහා නතර කර තිබියදී, පසුපසින් පැමිණි මාතර සිට අම්පාර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථය එහි පසුපස ගැටී ඇති බව සඳහන්.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් හය දෙනෙකු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වනවා.













