හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය විසින් අද (03) නිෂ්ප්රභ කරනු ලැබීය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවට අදාළව මෙම පෙත්සම ගොනු කර තිබුණි. තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අන්තර්ගත “කුමන්ත්රණය” යන චෝදනාව පවත්වාගෙන යාමට නීතිමය හැකියාවක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස යෝෂිත රාජපක්ෂ මහතා එම පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අදාළ නීතිමය කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විසින් එම පෙත්සම නිෂ්ප්රභ කිරීමට තීරණය කළේය.
















