ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් සංගමයේ නිලධාරී මණ්ඩලය ඊයේ (22) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවී ඉදිරි ක්‍රීඩා සැලසුම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙහිදී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට එළඹෙන ජූලි 07 වැනිදා සිට 13 වැනිදා දක්වා මෙරටදී පැවැත්වීමට නියමිත ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා ශ්‍රවණාබාධිත ක්‍රිකට් තරගාවලියේ සංවිධාන කටයුතු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණි.
මීට අමතරව, 2027 වසරේ නේපාලයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය, රටවල් 8ක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන T20I තරගාවලිය සහ සංගමයේ නිල ලියාපදිංචි කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. අපේ ශ්‍රවණාබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් අවශ්‍ය සියලුම උපරිම සහයෝගයන් අමාත්‍යංශය හරහා ලබා දෙන බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහිදී සහතික කළේය.
මෙම අවස්ථාවට සංගමයේ සභාපති මොහොමඩ් නයිසර්, ලේකම් චාපා දිසානායක, භාණ්ඩාගාරික ඇන්ජලෝ කල්පගේ, ප්‍රධාන පුහුණුකරු රිසාන් සජිත් සිල්වා සහ සහයක පුහුණුකරු හේමජිත් කුමාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
















