මෙරට දෛනික ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩුවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
ගත වූ දින (14) මෙරටින් වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 346 දෙනෙකු පමණි. මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,692ක් වන අතර, ඊයේ වන විට වාර්තා වී තිබූ මුළු රෝගීන් සංඛ්‍යාව දැක්වුණේ 91,346ක් ලෙසිනි. තවද, මේ වන විට මෙරටින් ඩෙංගු මරණ 68ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
















