මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂයට ආසන්න වී තිබේ. ජාතික ඩෙංගු පාලන ඒකකයේ නවතම දත්ත අනුව 2026 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 99,634ක් වාර්තා වී ඇත.
පසුගිය මාසවලට සාපේක්ෂව දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, ඩෙංගු අවදානම තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ජාතික ඩෙංගු පාලන ඒකකය මේ වනවිට අවදානම් ප්‍රදේශ හඳුනාගෙන අධීක්ෂණය සහ මදුරු මර්දන ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටී.
ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම, නිවස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම මෙන්ම උණ ඇතුළු ඩෙංගු රෝග ලක්ෂණ ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කිරීම වැදගත් වේ.
















