ඩෙංගු එන්නත සඳහා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමකට අවසන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඊට අනුමැතිය ලැබුණු වහාම පෞද්ගලික අංශයට එය මිල දී ගැනීමට අවස්ථාව ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට වොල්බැචියා ව්‍යාපෘතිය ද වසර එක හමාරක කාලයක් දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මෙම ක්‍රියාමාර්ග හරහා ඩෙංගු රෝගය සැලකිය යුතු මට්ටමකට පාලනය කිරීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කෙරේ. මේ වන විට පවතින ඩෙංගු තත්ත්වය පාලනය කිරීමටත්, රෝහල් ධාරිතාව ආරක්ෂා කරගැනීමටත් සෞඛ්‍ය අංශ සමත් වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














