2027 වසරට අදාළ ශ්‍රී ලංකාවේ රජයේ සහ බැංකු නිවාඩු දිනවල නිල කාලසටහන විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ අත්සනින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. මෙම නිවාඩු දින ලැයිස්තුව බෞද්ධ, හින්දු, ඉස්ලාමීය සහ ක්‍රිස්තියානි ආගමික මෙන්ම ජාතික වශයෙන් වැදගත් වන දින පදනම් කර ගනිමින් සකස් කර ඇත.
















