මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
දිවයිනේ පළාත් කිහිපයක අද (10) දිනයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස් ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
අධික උණුසුම සහිත කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, එළිමහනේ අධික ලෙස වෙහෙස මහන්සි වී වැඩකිරීමෙන් වැළකීම සහ වැඩිහිටියන් හා කුඩා දරුවන් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය හා කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















