වසරේ ආදායම් බදු ඉලක්කයෙන් 52%ක් මේ වනවිට සම්පූර්ණ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,401ක් වන අතර, ඉන් රුපියල් බිලියන 1,255ක් මේ වනවිට එකතු වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය වසරට සාපේක්ෂව මෙම ආදායම් ප්‍රගතිය 117%ක් බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
















