• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව ඉතා සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කළ රටක් – රාජ්‍ය ඇමති සුදර්ශිනී

20 December 2020
in දේශීය

මෙරට ජනතාවගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ මට්ටමක පැවැති බවත් නැවත එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබදව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය හමු වු අවස්ථාවේදීය.

කොවිඩ් 19 තත්වය හමුවේ එය පාලනය කිරීම සදහා ශ්‍රී ලංකාව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැති අතර කොවිඩ් රෝගය පාලනය කිරීමේදී දත්ත නිරීක්ෂණය සහ වෛද්‍ය සැපයුම් බඩුතොග කළමණාකරනය යාවත්කාළින කිරීම පද්ධති ධාරිතාව අවබෝධ කරගැනීම වෙනුවෙන් වැදගත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය සදහන් කල අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව අමාත්‍යවරිය විසින් පැහැදිලි කරන ලදි.

ලෝකයේ දැනට ඉදීරිපත්වී ඇති එන්නත් පිළිබදවද මෙහිදී අවධානය යොමුවූ අතර නිසි අනුමැතියෙන් ලබාදෙන එන්නත් ජනතාවට ලබාදීමේදී ක්‍රියාකල යුතු ආකාරය සම්බන්ධයෙන්ද අවධානය යොමුවිය. එන්නත් ලබාදීම සදහා උපායමාර්ගික සැලසුමක් සකස්කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නව අමාත්‍යධූරයට පත්වීම පිළිබදව සිය සුබපැතුම් එක්කල ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 පාලනය කිරීම සහ ප්‍රාථමික සෞඛ්‍ය නැංවීම සදහා අමාත්‍යවරිය ගන්නා සියලු උත්සාහයන්ට සිය සංවිධානයේ ආශිර්වාදය සහ සහයෝගය ලබාදෙන බව සදහන් කරන ලදි.
මෙම සාකච්ඡාව සදහා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, මහාචාර්ය නාලිකා ගුණවර්ධන, වෛද්‍ය සපුමල් ධනපාල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්වූහ.

Post Views: 5
Previous Post

වන අලි පහරදීමකින් අයෙකු මරුට

Next Post

කෙරවලපිටිය කර්මාන්තපුරය මාර්ගය මං තීරු හතරක් යටතේ සංවර්ධන කටයුතු ඇරඹේ

editor

editor

Next Post

කෙරවලපිටිය කර්මාන්තපුරය මාර්ගය මං තීරු හතරක් යටතේ සංවර්ධන කටයුතු ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved